රෝහල් කවුලුව


   හොදටම අසනිප වුනු මිනිසුන් දෙදෙනෙක් රෝහලේ එකම කාමරයේ ප්‍රතිකාර ලබමින් සිටියා.එක මිනිසෙක්ට සෑම සවසකම පැයක් පමණ ඇදෙන් නැගිට සිටිමට අවසර තිබුනා ඒ පිරිසිදු වාතය ආශ්වාස කිරිමට.ඔහු සිටියේ කාමරයේ තිබු ඒකම ජනේලය ලග.යාබද ඇදේ සිටි කෙනාට ඇදේම කාලය ගත කිරිමට සිදූනා.ඔවුන් බොහෝ දේ පිලිබදව කතාකලා.
   සෑම සවසකම ජනේලය ලග ඇදේ සිටි කෙනා නැගිට සිටින පැයේදි ඔහු ජනේලයේන් පිටත දකින දේ තම සගයාට විස්තර කිරිමට පුරුදු උනා.ජනේලයෙන් බලපු ගමන් පේන්නේ උද්‍යානයක්,තාරාවො, හංසයෝ වතුරේ පිනනවා,ළමයි සෙල්ලම් කරනවා,ආදරවන්තයන් අත්වැල් පටලාගෙන ඇවිදිනවා හරියට පාරාදිසයක් වගේ.අනෙකා මෙය නොදැක්කත් මවාගන්න පුලුවන් උනා.ඔහුට හිතුනේ ඔහු එහි ජිවත් වෙනවා වගේ.
   මෙසේ දින සති ගත උනා.එක් උදැසනක සාත්තු සේවිකාව පැමිනෙන විට ජනේලය ලග සිටි රොගියා මියගොස් තිබුනා,ඔහුව එතනින් ඉවත් කලා.අනෙක් මිනිසා සාත්තු සේවිකාවගේන් ඉල්ලිමක් කරා තමාව ජනේලය ලග ඇදට මාරු කරන ලෙස.ඔහුගේ ඉල්ලිම ඉටු කල සේවිකාව පිටවි ගියා.
   ඔහු සෙමින්,වේදනාව නොතකා වැලමිටෙන් එසවි ජනේලයෙන් පිටත බැලුවා,තිබුනේ හිස් බ්ත්තියක් පමණයි.ඔහු මියැදුනු රෝගියා පැවසු   සියල්ල සාත්තු සේවිකාවට පැවසුවා.ඇයගේ පිලිතුර උනේ "ඔහු කොහොමද ඒවා දකින්නේ  ඔහු  අන්ධ පුද්ගලයයෙක්නේ".
ඇය මෙසේද පැවසුවා
"සමහර විට ඔහුට උවමනා වෙන්න ඇති ඔබව ධෙර්යමත් කරන්න"
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.