Software freedom day(මෘදුකාංග නිදහස් කිරිම)


   මම අද ටිකක් වෙනස් දෙයක් ගැන බ්ලොග් එකේ ලියන්න හිතුවා.ගොඩක් අය නිදහස් මෘදුකාංග ගැන අහල තිබුනට පාවිච්චි කරන්නේ නැතුව ඇති.සමහරු නොදැන උනත් නිදහස් මෘදුකාංග භාවිතා කරනවා ඇති.කොහොම හරි නිදහස් මෘදුකාංග නැත්නම් ගොඩාක් අය දන්නේ ඔපන්සෝස් මෘදුකාංග(Open-Source software) කිව්වම.ඇත්තටම නිදහස් මෘදුකාංගයක් කියන්නේ ලොකයේ ඔනෑම කෙනෙකුට නොම්ලේම ලබාගන්න පුලුවන් වගේම ඒවා තමන්ට ඔනෑ පරිදි පහසුවෙන්ම Modify කර ගන්න පුලුවන් මෘදුකාංග වර්ගයකට.මෙම නිදහස් මෘදුකාංග නිශ්පාදනය කරල Promote කරන්නේ ලාභ නොලබන ආයතන මගින්.
  මෙහෙම නිපදවන නිදහස් මෘදුකාංග රාශියක් අද ලෝකයේ පුරාම මිනිස්සු භාවිතා කරනවා.මොකක් හරි දෙයක් ගැන විශේෂයක් කරලා ජනතාවගේ අවධානය අරගෙන ඒ පිලිබද දැනුමක් දෙන්න ඔන උනාම ඒ සදහා දිනයක් වෙන් කර ගන්න එකනේ ලෝක චාරිත්තරේ.නිදහස් මෘදුකාංග ගැනත් සලකල දිනයක් යොදාගෙන තියනව.මේ දිනය යෙදේන්නේ සෑම වසරකම සැප්: මාසයේ 3 වන සෙනසුරාදාට.මේ වසරේ ඒ දිනය යෙදෙන්නේ සැප්: මස 15 වනදාට.2004 තමයි නිදහස් මෘදුකාංග දිනය සමරන්න පටන් අරන් තියෙන්නේ.
  නිදහස් මෘදුකාංග ගැන ජනතාව පුලුල්ව දනුවත් කිරිම මෙහි අරමුණු අතර ප්‍රදානයි.ලංකාව වගේ රටකට තමයි නිදහස් මෘදුකාංග වල වටිනාකම වැඩිපුරම දැනෙන්නේ.මොකද අද භාවිතා වන මෘදුකාංග වැඩි ප්‍රමානයක් මුදල් ගෙවල ගන්න ඔන ඒවා.අපි වැඩි දෙනෙක් ඒවගෙ Pirate copies තමයි දාල තියෙන්නේ.අද තියන නිදහස් මෘදුකාංග අපි භාවිතා කරන මුදල් ගෙවන්න ඔන මෘදුකාංග තරම්ම දියුණුයි.සමහර ඒවා ඊටත් වඩා වේන්න පුලුවන්.
  මේ නිදහස් මෘදුකාංග  වල තියන තවත් වාසියක් තමයි ඒවායේ කේත සටහන් වෙනස් කරල අපිට,අපේ රටට ගැලපෙන මෘදුකාංග නිත්‍යානුකූලව සාදා ගන්න පුලුවන් විම.
 මෙන්න නිදහස් මෘදුකාංග  කිපයක්
1.OS :- Linux /Ubuntu
2.Web server :-Apache
3.Player :- VLC
4.E-mail :- Sendmail
5.Programming :- Perl
6.Office Package:-      Openoffice
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.