Spam(ස්පෑම්)


    1978 මැයි මස 3 වනදා,ඇමෙරිකාවේ ඩෙක් කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙක් අමුතු ඉ-මේල් පණිවුඩයක් යැවිය.සැබැවින්ම ඒ කාලයේ තිබුනේ දැන් තිබෙන අන්තර්ජාලය නොවේ.එහි මුලාරම්භය වු ආපානෙට් ජාලයයි.ආපානෙට් ජාලය භාවිතා කල සැමටම ලැබෙන සේ,නැවත නැවත හැරි හැරි ලැබෙන සේ,යෑවු මෙයින් කියවුනේ ඩෙක් සමාගමේ නවතම පරිගණක මාදිලි ප්‍රදර්ශණයට සහභාගි වන ලෙස කල ආරාධනයයි.එය ලෝකයේ පලමු ස්පෑම් වර්ගයේ ඉ-මේල් පණිවුඩයයි.
   මේ කරදරකාරි එසෙම එවන්නා නොදන්නා ඉ-මේල් වලට ස්පෑම් යන නම පටබැන්දේ ඇමෙරිකාවේ ජොයෙල් ෆර් විසින් 1993 දීය.ස්පෑම් වලට වසර 30 හා ස්පෑම් යන නම යොදා වසර 15 යෙදුනු 2008 වසරේ දි බ්බ්සි ඔන්ලයින් පුවත් සේවයට අදහස් දක්වමින් ජොයෙල් ෆර් පවසා තිබුනේ " ස්පෑම් වලින් මහජනයට සිදුවන පීඩාව,ඉන්ටනෙට් වේගයට සිදුවන හානිය සලකන විට කියන්න තියෙන්නේ ස්පෑම් භන්ගවේවා කියායි".
   ස්පෑම් වලකන්නට සහ ස්පෑම් එවන්නන් සොයන්නට වෙහෙසෙන ප්‍රමුක සංව්ධානයක් වන The Spamhaus Project  අනුව අද ලෝකයේ දිනකට ඉ-මේල් බිලියනයකට වඩා හුවමාරු වේ.ඉන් 90% ම ස්පෑම් බව ඔවුන් කියයි.මෙම ස්පෑම් වලින් වැඩි පංගුව ච්නයෙන් හා රුසියාවේන් පැමිණෙන විවිධ නිශ්පාදන මිලට ගන්නා ලෙස කියවන ස්පෑම් ඉ-මේල් ය.
   ස්පෑම්කරුවන් අල්ලා ගන්නට පහසු නැත්තේ  ඔවුන් ඉන්ටනේට් සේවා සපයන්නන් විසින් පවත්වගෙන යන ආරක්ෂක උපක්‍රම වලින් රින්ගා යන්නට සුක්ෂම නිසා බව කියයි.එසෙම ඔව්න් එම ක්‍රම දිනෙන් දිනේ වෙනස් කරන බවද The Spamhaus Project කියයි.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.