Torrent files(ටොරන්ට් ෆයිල්ස් යනු මොනවාද?)


   ටොරන්ට් ෆයිල්ස්(Torrent files) යනු කිලොබයිට් කීපයක හෙවත් ඉතා කුඩා ධාරිතාවකින් යුතු .torrent නම් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක සහිත ගොනු වර්ගයකි. ටොරන්ට් ෆයිල්ස් මගින් කරන්නේ,විශාල ධාරිතාවකින් යුතු වෙනත් ෆයිල්ස් ඉන්ටනෙට් හෝ වෙනත් නෙට්වර්ක් එකකින් ඩවුන්ලෝඩ් කිරිම පහසු කිරිමයි.සැබැවින්ම මෙය ව්ශාල ෆයිල්ස්,වේගවත්ව ඩවුන්ලෝඩ් කල හැකි තාක්ෂණික උපක්‍රමයකි.මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ එකම ෆයිල් එකක් කීප දෙනෙක් ඩවුන්ලෝඩ් කරන විට එහි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු නොවි වැඩි වීමයි.
ටොරන්ට් ෆයිල්ස් ආධාරයෙන් චිත්‍රපට,ගීත ඇල්බම,මෘදුකාංග,පරිගණක ක්‍රිඩා හෝ වෙනත් ගොනු ඉන්ටනෙට් තුලින් ඩවුන්ලෝඩ් කර ගැනිමට පුලුවන. ටොරන්ට් ෆයිල් ඒකක් තුල එමගින්  ඩවුන්ලෝඩ් කළ යුතු ෆයිල් එකේ Pieces ගණන Speed,Server details  ආදි බොහෝ තොරතුරු අඩංගු වේ.ටොරන්ට් ෆයිල්ස් භාවිතා කිරිමට මෘදුකාංගයක් පරිඝණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය.මෙවා නොමිලයේ ලබා දේ.
www.Torrentsdownload.net යනු මෙවැනි ටොරන්ට් ෆයිල්ස් නොමිලේ ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවියකි.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.