දිනක් park ඒකක,කාන්තාවක් සහ පිරිමි කෙනෙක් බංකුවක වාඩි වෙලා කතා කරමින් සිටියා.අර ඉන්නේ මගේ පුතා.කාන්තාව රතු පාට ඇදුමක් ඇදගෙන ඔංචිලි පදින දරුවකු පෙන්වා කිව්වා.'ඒයා ලස්සන ළමයෙක්නේ'.අතන සුදු පාට ගව්මක් ඇදගෙන බයිසිකල් පදින්නේ ඒ මගේ දුව.පිරිමි කෙනා කිව්වා.
ටික වෙලාවකින් පිරිමි කෙනා ඔරලොසුව දිහා බලලා දුවට කතා කලා,
"මලිෂා අපි දැන් යමුද?"
"අනේ තාත්තා තව විනාඩි 5 ක් ඉමුද?" දරුවා බෑගෑ පත් උනා.
"හොදයි විනාඩි 5යි"
දරුවා නැවත සෙල්ලම් කරන්න උනා.
විනාඩි 5 කට පස්සේ තාත්තා නැවත කතා කලා,
"අපි යමුද දුව?"
ආයෙමත් මලිෂා ආයාචනය කලා,
"තව විනාඩි 5 යි තාත්තා Please " තාත්තා හිනාවෙලා "හොදයි" කියලා ඉද ගත්තා.
මලිෂාගේ තාත්තා කිව්වා,"ඇගේ සහොදරයා Tom මැරුනා මීට වසරකට විතර පෙර බිමත් රියදුරෙකුගේ අතින්.මට කවදාවත් බැරි උනා ඔහුත් සමග වැඩි කාලයක් ගත කරන්න,දවසට විනාඩි 5 කට 10 කට වඩා.මම මටම පොරොන්දු උනා ඒ වරද කවදාවත් මගේ දුවට කරන්නේ නෑ කියලා."
ඇය හිතුවට ඇයට සෙල්ලම් කරන්න විනාඩි 5 වැඩිපුර ලබුනා කියලා ඇත්තටම මටයි වැඩිපුර විනාඩි 5ක් ලැබුනේ ඇයත් සමග ගත කරන්න,ඇය සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න.
0 comments
Note: Only a member of this blog may post a comment.