නොමිලයේ අන්තර්ජාලයට සම්බන්ද විම..


  Wi-Fi යනු Wireless fidelity යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි.මෙම යෙදුමෙන් Wireless network ඒකක් හරහා තොරතුරු පතුරවා හැරිමේ ප්‍රමිතියක් හදුන්වයි.1991 දි Wi-Fi  තාක්ෂණය සොයා ගත්තේ AT&T සහ NCR Corporation නම් ආයතන දෙක ඒක්ව කල පර්යේශණයක ප්‍රතිපලයක් ලෙසය.මෙහි පුරෝගාමියා වු වික් හේයස් Wi-Fi  තාක්ෂණයේ පියා ලෙස සලකයි.
  රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ රේඩියෝ තරංග වලිනි.මෙම රේඩියෝ තරංග සම්ප්‍රේශණයට තිබිය යුතු මුලික ඔනෑකම වන්නේ වයර්ලස් රවුටරයකි.මෙය මගින් පරිගණක දත්ත රෙඩියෝ තරංග බවට හරවනු ලබයි.පරිගණකයේ තිබිය යුතු අවශ්යතාව Wi-Fi   ඇඩැප්ටරයකි.මෙම අවශ්යතා සැපිරු Wi-Fi  ජාලයක් අන්තර්ජාලයට සම්බන්ද විමේදි මුලිකව ක්‍රියාවලි 2ක් සිදුවේ.

  • පරිගණකය Wireless Adapter මගින් දත්ත රේඩියො තරංග බවට හරවා ඇන්ටෙනාව මගින් සම්ප්‍රේශණය කරයි.
  • රැහැන් රහිත රවුටරය ඒම දත්ත ලබගෙන ඒවා පරිගණක දත්ත බවට හරවා සාමාන්‍යය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ද කරයි.

  මෙලෙස රවුටර මගින් තරංග සම්ප්‍රේශණය හා ලබා ගන්නා බල ප්‍රදේශයක් Wi-Fi  Hotspots ලෙස හදුන්වයි.ඒ කියන්නේ Wi-Fi  ඇඩැප්ටරයක් සහිත උපකරණයක් රැගෙන යන්නේකුට hotspots තුලදි wireless ක්‍රමයට අන්තර්ජාල සම්බන්දතාව ලබා ගන්නට පුලුවන.
  Wi-Fi ජාලයකදි දත්ත හුවමාරු කරන්නේ ලොක මට්ටමේ තාක්ශණික ප්‍රමිති සාදන IEEE ආයතනයේ නියමයන්ට අනුවය.ඔවුන් සැකසු 802.11 networking standard මෙහිදි යොදා ගැනේ.80211g කියා හදුන්වන ප්‍රමිතියට අනුව 2.4GHz ක සංඛයාත පරාසයේ දත්ත සම්ප්‍රේශණය කරයි.ඒහි වේගය 54Mbpsය.802.11a හිදිද 54GHz දත්ත හුවමාරු වේගයක් තිබුනද ඒහි සංඛයාත පරාසය 5GHz ය.Wi-Fi  තාක්ෂණය තිබෙන සුවිශේෂිත්වය මෙයයි.Wi-Fi  තාක්ශණයේන් දත්ත සම්ප්‍රේශණය කරන 2.4GHz හා 5GHz සංඛයාත පරාසය සහිත රේඩියො තරංග පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නැත.ඒ කියන්නේ විදුලි සංදේශන ආයතන වලට බදු මුදල් ගෙවිය යුතු නැත.

Wi-Fi  ජාලයක වාසි.

  • කේබල් නැති නිසා ජාලය ස්තාපිත කිරිම පහසුය.
  • බොහො උපකරණවල Wi-Fi  ඇඩැප්ටර තිබෙන නිසා ඉන්ටනෙට් හා සම්බන්ද විමට යන මුලික පිරිවැය අඩුය.
  • Wi-Fi  ජාලයක් ස්ථාපිත කර පවත්වා ගෙනයාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.