සිනාසෙන මුහුණු

   ෆයිල් ඒකක්,ප්‍රොග්‍රෑම් ඒකක් පෙන්වන්නට ඩෙස්ක්ටොප් මත සාදාතියන ඉමේජයකට අයිකන (Icon) කියා කියනව.මෙලෙසම යම් හැගිමක් දනවන්නට විශේෂයෙන් සාදන අයිකන වලට කියන්නේ ඉමෝට්කොන්ස්(Imoticons) කියායි. වචන සිය ගණනකින් කියන්නට බැරි අදහසක් සැනින් කියන්නට යොදා ගත හැකි ඉමෝට්කොන්ස් දහස් ගණනක් දැනට තිබේ.
   නමුත් 1982 සැප් 19 සිට සැහෙන කාලයක් යනතුරු තිබුනේ මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසින් නිර්මනය කරන ලද ඉමෝට්කොන්ස් ඒකක් පමණි.ඔහු නිර්මාණය කලේ තිත් දෙකකට පසුව කඩ ඉරක් සහ යතුරු පුවරුවෙන් ටයිප් කල වරහනක්  සමග තැනු සිනාසෙන මුහුණක් සහිත ඉමෝට්කොනයකි.
  
මේ ඉමෝට්කොන්ස් ඉන්ටර්නෙට් ජනප්‍රිය විමත් සමග ලොව පුරා කෝටි ගණනක් සෙනග පාවිච්චි කරන්නක් බවට පත්විය. දැනට ඒහි වයස ආසන්න වශයෙන් වසර 30 පමණ වේ.සිනාසෙන මුහුණ රැගත් ෆෝල්මන්ගේ ඉමෝට්කොනය ලොකයට අලුත් සංකල්පයක් හදුන්වාදුනි. ඒනම් ඉලෙක්ට්‍රොනික් මාධ‍යයෙන් භාශාව හැසිරවිමේදි හැගිම් දනවන්නට වචන සහ වාක්‍යය වලින් ඔබ්බට ගිය සම්ප්‍රදායක් ලොවට හදුන්වා දිමෙනි.
   පසුගිය කාලය තුල පරිගණක මෘදුකාංග වල දියුණුවත්,සමාජයේ පරිගණක ආශ්‍රිත සංස්කෘතිය මුල් ඇද ගැනිමත් සමග ෆෝල්මන්ගේ පලමු ඉමෝට්කොනයට ලැජ්ජා හිතෙන තරමට අද ඉමෝට්කොන්ස් ලස්සන වි වර්ණවත් වි තිබේ,සජිව්කරණය කර තිබේ. ඩ්ජිටල් යුගයේ වචන නැති භාශාවක් තරමට ඉමෝට්කොන්ස් දියුණු වි හමාරය.


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.