"ඔබ හොදින්ද ?"


  දිනක් ගොවියෙක් තම කරත්තයෙන් පාරේ ගමන් කරමින් සිටින විට සිදු වු රිය අනතුරකින් තුවාල ලැබුවා.මෙකට හේතුව උනේ ලොරි රථයක් කරත්තයේ ගැටිමයි.ගොවියා විසින් පොලිසියට ලබාදි තිබු කට උත්තරය නිසා රක්ශණ සමාගම ඔහුට වන්දි ලබාදිම ප්‍රතික්ශේප කර තිබුනා.මේ අසාධාරණයට විරුද්ධව ගොවියා අදිකරණයේ නඩුවක් ගොනු කලා.
විත්තියේ නිතිඥයා:මට තේරෙනව ඔබ වන්දි ඉල්ලන්නේ අනතුර නිසා කියලා,නමුත් අනතුරකට වන්දි ලබා දෙනවනම් ඉන් ඔබට යම්කිසි හානියක් විය යුතුයි නේද?
ගොවියා:ඔව්,ඇත්තෙන්ම.
විත්තියේ නිතිඥයා:නමුත් ඔබ පොලිසියට දුන් කට උත්තරය අනුව පොලිස් නිලදාරින් ඔබෙන් "ඔබ හොදින්ද?" කියා ඇසු විට ඔබ කියා තිබෙන්නේ,"මම මීට පෙර කවදාවත් මෙතරම් හොදින් සිට නෑ කියායි".ඒය ඇත්තද?
ගොවියා:ඔව්,නමුත්....
විත්තියේ නිතිඥයා:සරළ පිලිතුරක්,ඔව්ද?නැත්ද?
ගොවියා:ඔව්.
    පසුව තිබුනේ ගොවියා විසින් ඉදිරිපත් කල නිතිඥයාගේ ප්‍රශ්ණ ඇසිමේ වාරයයි.
පැමිණිල්ලේ නිතිඥයා:කරුණාකරලා කියනවද මේ ගරු අදිකරණයට ඇත්තටම ඒතන මොකද උනේ කියල.ඒ කියන්නේ ඔබට ඒවැනි කට උත්තරයක් දෙන්න පෙලඹවු කරුණු.
ගොවියා:ඇත්තෙන්ම,අනතුරෙන් පසු මම දුටුවා මගේ අශ්වයා කැඩුණු කකුලක් සහිතව පාර අයිනේ වැට් සිටියා,මා සමග ගිය අසරණ බල්ලා වෙදනාවෙන් කෑ ගසමින් සිටියා.ඊට මොහොතකට පසු පොලිසියෙන් පැමිණියා,මගේ අශ්වයා දිහා බැලුවා ඌට වෙඩි තියලා මැරුවා,ඊලගට බල්ලා ලගට ගියා,ඌ දිහා බලලා උට වෙඩි තියලා මරලා දැම්මා.
අවසානෙට මගේ ලගට ඇවිත් ඇහුවා "ඔබ හොදින්ද කියලා?"
ඊතින් අර ඔක්කොම දිහා බලන් හිටපු මම වෙන මොනව කියලා කියන්නද?,ඒකයි ඒහෙම උත්තරයක් දුන්නේ...

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.