'Wireless Internet' වැඩකරන හැටි..


  මොකක්ද රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවක් කියන්නේ?ගොඩක් අයට මේ ප්‍රශ්ණය තියෙන්න පුලුවන්.
  රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්ද වීම රේඩියො තරංග මත පදනම් වු ක්‍රියාවක්.ඔයාලා දැකලා ඇති සමහර අයගේ නිවාස වල වහලවල් වල සවිකරල තියන සුදුපාට උපකරණය.ඒය රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්දවෙන්න භාවිතා කරන උපකරණයක්.
  ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා නැත්නම් Internet Service Provider (ISP) රේඩියො සංඥා හරහා හෝ කේබල් හරහා සංඥා කුලුණු වලට ලබාදෙනව.මේ උස කුලුණු මගින් තමයි Wireless Internet සංඥා විසිරුවා හරින්නේ.ඒවා කුලුණු කිපයක් හරහා හෝ පලමු කුලුණෙන්ම හෝ ඔබේ නිවසට ලග වෙනව.ඒය තිරණය වන්නේ ඔබ ප්‍රධාන කුලුණේ සිට කොපමණ දුරකින් සිටිනවද යන්න මතයි.
  මේ සංඥාව ඔබට ලගම කුලුණට පැමිණි පසු ඒම සංඥාව ඔබේ නිවසේ පිහිටි ඇන්ටෙනාව මගින් ලබාගන්නව.ඒය Network කේබලය මගින් මොඩමයට ලගාවෙනව.දන්නවනේ මොඩමය/ Modem (Modulation/demodulation)  කියන්නේ මොකද්ද කියල.Modulation  විමේදි සිදු වන්නේ ඔබේ පරිගණකය ලබාදෙන තොරතුරුWireless Network ඒකට තෙරුම්ගත හැකි තත්වයට පත් කරණ ඒක.ඒතකොට demodulation කියන්නේ Wireless Network   ඒක මගින් ඒන තොරතුරු පරිගණකයට තේරුම්ගත හැකි තත්වයට පත් කරන ඒක.

  කලින් කියපු විදිහට මේ සෑම දෙයක්ම සිද්ද වෙන්නේ රේඩියො තරංග සංඛ්‍යාත හරහා.ඔයාලට තියනවද 'cordless phone' ඒකක් .ඒහෙනම් බලන්න ඒකේ මේ සංඛ්‍යාත තියනවද කියල.900MHz,2.5GHz,5.2GHz,5.7GHz.මේ සංඛ්‍යාත වලින් තමයි ඔබේ  'cordless phone'  ඒක වැඩ කරන්නේ.ඒ වගෙම තමයි Wireless Internet වැඩ කරන්නෙත්.
Wireless Internet Service Providers(WISP's) ලා භාවිතා කරන්නේත් මේ සංඛ්‍යාතම තමයි.මොකද මේවා භාවිතා කරන්න ලයිසන් ගන්න ඔනේ නැති විම.මේවා පොදු සංඛ්‍යාත.ඒ කියන්නේ මුදල් ගෙවිමක් කරන්න අවශ්ය නෑ කියන ඒක.
  ඉතින් ඇයි හැමොම මේ පොදු සංඛ්‍යාත භාවිතා නොකරන්නේ?ඒකට හේතුව තමයි ආරක්ශාව පිලිබද තියන අවධානම.නමුත් තවමත් මේ සංඛ්‍යාත හරහා පණිවුඩ හුවමාරුව තරමක් දුරට ආරක්ශිතයි.ඒකට හේතුව තමයි ඒම තරංගයට encryption ඒකක් ඇතුල් කරල සංඥාව ආරක්ශා කිරිම.අදාල පුද්ගලයාට හැර වෙනත් කෙනෙකුට ඒය ලිහාගැනිමට අපහසු ආකාරයකට පත් කිරිම තමයි මෙහිදි සිදු වන්නේ.DES encryption ඒක තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ.
  සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ සදහා විවිද සංඛ්‍යාත භාවිතා කරන්නේ ඇයි කියන ඒක.හේතුව තමයි තදබදය අඩු කිරිම.මේ කාරණය හැරුනම Wireless Internet වල මේ ලෙස සංඛ්‍යාත කිපයක් තිබිමේ අරමුණ තමයි ඒවායේ ගතිගුන විවිද වීම.මෙහිදි මුලිකවම ඒම සංඛ්‍යාත විහිදි යන පරාසය වෙනස් වීම.
   උදා:900MHz 40Miles පමණද,2.5GHz 5Miles පමණද,5.7GHz 2Miles පමණද දුරකට  තමයි විහිදි යන්නේ.
  කෙසේ නමුත් 900MHz මගින් නිකුත් කරණ සංඥා බොහෝ දුරකට පැතිරුනත් අවට තිබෙන අනෙකුත් සංඥා සමග ගැටිමකට ලක්වෙනව.ඒ නිසා මේවායේ තියන ගුණාත්මක බව අඩුයි.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.