ගිණි හිවලාට විකල්පයක්..

   ගුගල් Chrome වෙබ් බ්‍රවුසර් ඒකේ සාර්ථකත්වය නිසා පසුගිය වසර කීපය තුල Firefox වෙබ් බ්‍රවුසරයේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහල ගියා.සමහරු මේ වන විටත් Chrome වලට මාරුවී අවසන්.නමුත් තවමත් බොහොමයක් දෙනා Firefox වලින් අයින් වෙන්න අකමැත්තක් දක්වනව.ඒකට හේතු රාශියක් තියෙන්න පුලුවන්.ඒ අතරේ වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමට නුහුරු නිසා ඇති අකමැත්ත,වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමේදි භාවිතා වන මෙමරි ප්‍රමාණය වැඩි වීම බලපාන්න පුලුවන්.නමුත් බහුතරයකට තියන ගැටලුව තමයි අපි ගොඩක් කාලයක් තිස්සේ හුරු වෙලා ඉන්න Firefox  වල භාවිතා වන සමහර add-ons වලින් ඉවත් විමට අකමැති විම.සහ ඒවා Chrome වල ක්‍රියාත්මක නොවිම.
   මේකට විසදුමක් විදියට Firefox සමග ක්‍රියාකරන add-ons හොදින්ම ක්‍රියාත්මක වන Chrome වගේ අතුරු මුහුණතක් සහිත විකල්ප බ්‍රවුසරයක් ඇවිල්ලා තියනව.ඒ තමයි The Internet Security gurus at Comodo කියන ආයතනය නිපදවලා තියන IceDragon කියන බ්‍රවුසරය.IceDragon කියන්නේ Firefox වලම සංස්කරණයක් නමුත් ඒයට වැදගත් පෙනුමක් දි තියනව.

                                Download Here
   IceDragon  වල download size ඒක 30Mb පමණ වෙනව.ඒය පරිගණකයේ ස්ථාපිත කලවිට ලබා ගන්නේ 40Mb ඉඩක් පමණයි.



   IceDragon  වල පෙනුම Firefox වලින් විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.theme ඒක dark,ඒය සියලුම ගතිගුණ වලින් පරිපුර්ණ බ්‍රවුසර් ඒකක්.ඒ වගේමයි ඒහි හරය Firefox වගේ.මේ තියෙන්නේ ඒහි පෙනුම.


   කලින් සදහන් කලා වගේම Firefox වල ක්‍රියාකරණ සියලූම add-ons IceDragon වල ක්‍රියාකරණව.bookmark bar ඒක ලගම Facebook icon ඒකක් තියනව. ඒ අසලම තැඹිලි පාටට හුරු අත් කාචයක රුපයක් තියනව.ඒවා add-ons නොවේ.


   Facebook අපි නිතරම යන ඒන තැනක් නිසා ඒක ක්ලික් ඒකකින් ඊට පිවිසිමට හැකි වන අයුරින් තමයි ඒ අයිකන් ඒක තියෙන්නේ.ඒතකොට අත් කාචයෙන් ලැබෙන්නේ Comodo siteinspector ඒක.එ මත ක්ලික් කල විට ඔබ භාවිත කරන වෙබ් අවවියක siteinspector ඒකක් ලබා ගන්න පුලුවන්.  Install කරගෙන බලන්න මේකත් ලස්සන වගේම වේගවත් බ්‍රවුසර් ඒකක්.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.