ගුගල් සර්ච් වෙනස් වෙයි...
-
by The reader's place 2:53 AM
-
Tags: Google
ගුගල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන නිරන්තරයෙන්ම අලුත් වෙනස් කම් සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වෙනව.මේ යටතේ ගුගල් ඔවුන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක වල සර්ච් (Search page) තිරය වඩාත් පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කර තියනවා.ඒ ඔවුන් මේ දක්වා භාවිතා කල සර්ච් පිටුව නව ආකරයේ design එකක් සහිතව ඉදිරිපත් කිරිම මගින්.
ඔබ ඔබේ දුරකතනයෙන් හෝ Tablet එකෙන් අන්තර්ජාලයට පිවිසෙන්නෙක් නම් මේ වන විටත් ඔබ මේ අත්දැකිම ලබා ඇති.නමුත් මේ වනවිට ඒ වෙනස ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරන්නන්ටත් අත්දකින්න පුලුවන්.ඒය පහසුවෙන් බැලු බැල්මටම හදුනා ගන්න පුලුවන් වෙන්නේ මේ දක්වා සර්ච් කිරිමේදි පෙන්වු වම් පස තිරුව දක්නට නොලැබීම මගින්.ඒ වෙනුවට ඉහලින් දකුණු දෙසට විහිදි යන තිරුවක විවිද Options අඩංගුයි.ඒක හරියට ගුගල් සතු Mobile Interface ඒක වගේ.නව අතුරු මුහුණත අඩංගු වෙන්නේ WWW.Google.com වල පමණයි. නමුත් අනෙක් ඩොමෙන් වලටත් (Ex:WWW.Google.lk) මෙය හදුන්වා දිමට ඔවුන් කටයුතු කරනවලු.
නව මෙනු ඒක මගින් ඔබට යම් සෙව්මක තොරතුරු Web results,Images,Maps,Shopping,News ආදිය සමග තවත් තොරතුරු අඩංගු More options මෙනු ඒකත් ලැබෙනව.
නව නිර්මාණයේ අරමුණ ලෙස ඔවුන් දක්වන්නේ "more breathing room,and more focus on the answers you're looking for..." යන්නයි.ඔබට පෙනෙන ආකාරයටම මුලු සර්ච් පිටුවම පිළිවෙලට සරළව ඉදිරිපත් කරල තියනව.
මේ නව design ඒක පළමුව ඉදිරිපත් කලේ tablets වලට. ඒ පසුගිය වසරේ,සති කීපයකට පසු ඒය දුරකතන වලටත් ලබා දුන්නා.
ඩෙස්ක්ටොප් පරිගණක වලට මෙය ඉදිරිපත් කිරීමත් සමගම තවදුරත් ස්ථාවර පෙනුමක් සහ හොද හැගිමක් සහිත සර්ච් පේජ් ඒකක් ඉදිරිපත් කිරිමට කටයුතු කරනවලු.ඒයට ඔබ භාවිතා කරන උපකරණය සහ ඒහි screen size ඒක බලපෑමක් නොකරන බව ඔවුන් පෙන්වා දෙනවා.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
cool news...
ReplyDeletegood work keep it up...
ReplyDeleteNice..............work.....
ReplyDelete