නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති.
" නත්තල යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන්නේ Christmas (ක්‍රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්‍රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්‍ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්‍රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව, (chi) යන ඉංග්‍රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ."
සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත ( Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුව වැදගත් වේ. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.
නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රොස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි.
බොහෝ ජාතීන් විසින් නත්තල් කාලයේ දී අනුස්මරණ මුද්දර නිකුත් කර ඇත.1898 දී ඉම්පීරියල් පැන්ස තැපැල් ගාස්තුවේ (Imperial Penny Postage Rate) ආරම්භය සංකේතවත් කිරීම සඳහා කැනේඩියානු මුද්දරයක් නිකුත් කර ඇත. මෙම මුද්දරයේ ලෝක ගෝලයේ සිතියමක් පෙන්වා ඇති අතර "XMAS 1898" ලෙස අභිලේඛනයක් ද එහි පහල අඩංගු වේ. 1937 දී ඕස්ට්‍රියාව "නත්තල් සුභ පැතුම් මුද්දර" (Christmas greeting stamps) දෙකක් හඳුන්වා දී ඇත. එම මුද්දර වල රෝස මලක් සහ රාශි චක්‍රය නිරූපණය කෙරේ. 1939 දී බ්‍රසීලය විසින් අර්ධ-තැපැල් මුද්දර හතරක් නිකුත් කර තිබේ. රජ තුන් කට්ටුව සහ බෙත්ලෙහෙම් තරුව, දේවදූතයා සහ දරුවා, දකුණු කුරුසය සහ දරුවා, සහ මව හා දරුවා යන තේමාවන් මෙම මුද්දර වල අඩංගු වේ.
ලෝක වාසී බොහෝ ජනතාවට ආර්ථික උනන්දුව ඇතිකරන විශාලම දේ වන්නේ නත්තලයි. මේ කාලයේ දී සිල්ලර වෙළෙඳසැල් වල චමත්කාරජනක ලෙස විකුණුම් ප්‍රමාණය වැඩි වේ. ජනතාව තෑගි බෝග, නත්තල් සැරසිලි හා අනෙකුත් අවශ්‍ය දේ මිල දී ගන්නා අතර, වෙළෙඳසැල් ද නව භාණ්ඩ බොහොමයක් හඳුන්වා දෙති. ඇමරිකා එක්සත් ජනපදයේ නත්තල් තෑගි බෝග මිල දී ගැනිමේ සමය ආරම්භ වන්නේ ඔවුන්ගේ ප්‍රශංසා කිරීමේ දිනයට (Day of Thanksgiving) පසුවයි. නමුත් ඇමරිකානු වෙළෙඳසැල් බොහොමයක් ඔක්තෝබර් මස මුල දී පටන් නත්තල් භාණ්ඩ විකිණීම ආරම්භ කරති.
0 comments
Note: Only a member of this blog may post a comment.