පරිගණක මෘදුකාංග..

   පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
  
    පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
  


    පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. 

  • පද්ධති මෘදුකාංග (System software)
   පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි.
  • ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software)
   සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface)
  • යෙදුම් මෘදුකාංග (Application software)  
   අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි.   

 දෘඩාංග හා මෘදුකාංග
   දෘඩාංග (Hardware) යනු පරිගනකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
  මෘදුකාංගයක් පරිගනකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ. 

දත්ත හා මෘදුකාංග
   මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.
   මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.
  පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.
පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත...
  • නිවැරදි විය යුතුය, (Accurate).
  • යාවත්කාල විය යුතුය, (Up to date).
  • සම්පූර්ණ විය යුතුය, (Complete).
  • පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant).
 විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්.....
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

1 comments

  1. වැදගත් තොරතුරු රැසක් ස්තුතියි෴

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.