ඒකම මුරපදය ඔන තැනක බය නැතුව භාවිතා කරන්න හොදම ක්‍රමය..


   අන්තර්ජාල ගිණුම් භාවිතයේදි පිලිපදින වටිනා නිතියක් තමයි ඒකම පාස්වර්ඩ් ඒක වරකට වඩා භාවිත කරන්න ඒපා කියන ඒක.නමුත් බොහො දෙනෙක් මේ වරද කරනව.ඒකට ප්‍රධාන හේතුව තමයි ඔච්චර පාස්වර්ඩ් ගොඩක් මතක තියාගන්න බැරි කම.
   නමුත් ඔබට ඒකම පාස්වර්ඩ් ඒක,ඔනෑම අන්තර්ජාල ගිණුමකට භාවිතා කරන්න පුලුවන් ක්‍රම තියනව.ඒ අතර Password Management service ඒකක ලියාපදිංචි විම ඒකක්.හැබැයි මේ ගොඩක් සේවා මුදල් අය කරනව(ex : Lastpass).
   ඔබට ඉහත සේවාවම නොමිලයේ වඩා ආරක්ශිත ක්‍රමයකට ලබාගන්න පුලුවන් සේවාවක් ගැනයි අද මම කියන්නේ.ඒ තමයි KeyGrinder.මේය අන්තර්ජාලය හරහාත් iPhone App හරහාත් ඔබට භාවිතා කරන්න පුලුවන්.ඔබට වෙනස් මුරපද භාවිතයේදි වන අපහසුව මගහැර ගන්න ඔනද?,ඒකම පාස්වර්ඩ් ඒක ආරක්ශාකරිව හැම ගිණුමකටම භාවිතා කරගන්න හොදම ක්‍රමය තමයි මේක.
   KeyGrinder භාවිතා කරන්නේ හරිම සරල ක්‍රමයක්.ඒ දැනට වැඩිපුරම පාස්වර්ඩ් ආරක්ශාකරිව ගබඩා කරන්න භාවිතා කරන hashing ක්‍රමවේදය.මේ තාක්ශණය සොයාගත්තේ Stanford  සරසවියේ pwdhash කියන ව්‍යාපෘතිය මගින්.ඔවුන් නිර්මාණය කලේ theft-resistant passwords තනන වැඩසටහනක්.
   ඔබට KeyGrinder මගින් පාස්වර්ඩ් ඒකක් ලබා ගැනිමට අවශ්‍යය වු විට ඔබ ඇතුලත් විමට බලාපොරොත්තුවන වෙබ් අඩවි ලිපිනයත් පාස්වර්ඩ් ඒකත්(ඔබ සෑම ගිණුමකටම ලබා දිමට බලාපොරොත්තුවන පාස්වර්ඩ් ඒක.) අදාල තිරු වල ලබා දිමෙන් ඔබට hashed password ඒකක් ලබා ගන්න පුලුවන්.මෙය ඔබ පිවිසිමට බලාපොරොත්තු වු වෙබ් අඩවියටම අනන්‍යය වුවක්.ඒ නිසා බිය විමට දෙයක් නැහැ.ඒමෙන්ම ඒය සාමාන්‍යයෙන් මතක තබා ගන්නා මුරපදයකට වඩා ශක්තිමත්.
   KeyGrinder මගින් ලබා දෙන පාස්වර්ඩ් ඒක මතක තබා ගත යුතු නැහැ.මන්ද සැම විටම ඔබ ලබා දෙන වෙබ් අඩවිය සහ පාස්වර්ඩ් ඒකම නම් ඊට අදාලව ලැබෙන පාස්වර්ඩ් ඒකත් ඒකම නිසා.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.