"ෆේස්බුක්" සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රමුකයා.අපි දෙපාරක් නොහිතාම අමුතු අරුම පුදුම දෙවල් බෙදාහදා ගන්නා තැන.ඒ කාරණය පුද්ගලිකත්වය කියන තැනට ඒන කොට ටිකක් භයානකයි.ෆේස්බුක් තවමත් පුද්ගලිකත්වය කියන කාරණයේදි අපට පහසුවක් සපයනව,නමුත් මතක තියාගන්න ලොකයේ ඉන්න ඔනම කෙනෙකුට ඔයාගේ ගිණුමේ තියන දේවල් බලන්න පුලුවන් කියල.
මේ කාරණය නිසාම ඔයා මොනවද ෆේස්බුක් ඒකේ බෙදාගන්න ඔන,ඒ වගේම මොනවද නැත්තේ කියන දේ හරිම වැදගත්.මම අද මගේ ලිපියෙන් කියන්නේ මුල ඉදලම ඔයා ෆේස්බුක් ගිණුමක් භාවිතා කරන කොට සැලකිලිමත් වෙන්න ඔන පුංච් කාරණා කිපයක්.
ඔයාගේ ගිණුම පුද්ගලික ඒකක්ද,වෘතිය මට්ටමේ ඒකක්ද?
මේක හරිම වැදගත් තිරණයක්.ඔයා ෆේස්බුක් භාවිතා කරන්නේ යාලුවො පවුලේ උදවිය ඒක්ක සම්බන්දතාව පවත්වාගෙන යන්නද,නැත්තම් වෘත්තිය මට්ටමේ කාරනා සදහාද කියන ඒක ඉස්සෙල්ලාම හිතන්න ඔන.නැත්නම් ඒ දෙක අතර ගැටුමක් සිදුවෙන්න පුලුවන්.රාජ්කාරි කටයුතු සදහා භාවිතා කරන ගිණුමම පුද්ගලික කාරණාවලටත් භාවිත වෙනවනම් ඒමගින් ඔබේ රාජකාරි ආයතනයේ ඔබ ගැන ඇතිවන ප්‍රතිරුපය වෙනස් වෙන්න පුලුවන්.හොදම දේ තමයි රාජ්කාරි වැඩසදහා වෙනත් ජාලයක් භාවිතා කරන ඒක.ඇත්තටම ෆේස්බුක් මිතුරන් අතරේ තොරතුරු බෙදා හදා ගන්න තනපු ඒකක්.
තවදුරටත් කියනවනම් ඔයාගේ ෆේස්බුක් ගිණුම හරහා ඔයාගේ රැකියාව ගැන,පඩිය ගැන,බොස් ගැන,වගේ රාජකාරිමය දේවල් ගැන කමෙන්ට් දාන්න ඒපා.
දන්නවනේ Graph Search ගැන.ඒමගින් ෆේස්බුක් සොයා දෙන්නේ ඔයා ඇතුලත් කරපු දත්ත විස්තර පමණයි.ඒ නිසා ඔබට නුසුදුසු දේවල් මත ක්ලික් කරන්න ඒපා.ඒ කියන්නේ ඔයා කවදාවත් නොකරපු දේවල් ගැන,විනොදාන්ශ නොවන දේවල් ගැන වගේ.
තව පොඩි කාරණයක් කියන්න ඔන,ඒ උපන්දිනය ගැන.ගොඩක් අය තමන්ගේ සම්පුර්ණ උපන්දිනයම ඒ කියන්නේ උපන් වසරත් ඒක්කම දානව.ඒක නම් ඒච්චර හොද දෙයක් නෙවෙයි.ඒ වගේ සංවේදි තොරතුරු අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඒක අහිතකර වෙන්න පුලුවන්.ඒ නිසා ඔබට උපන්දින සුබ පැතුම් ගොඩක් ලබා ගන්න ඔන නම් දිනය සහ මාසය පමණක් තිබිම ප්‍රමාණවත් වෙයි නේද?
බලාගෙනයි...(What Not To Share On Facebook)
-
by The reader's place 3:35 AM
-
Tags: Facebook

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.