අවසන් ගමනින් පසුත්:ගූගල් සමග..


 


  ගොඩක් අය තමන්ගේ මරණයෙන් පස්සේ දේපළ වලට මොකක්ද වෙන්න ඔන කියල අන්තිම කැමති පත්ත්‍රයකින් ලියල දෙනව නේ.ඒතකොට ඔයාගේ පුද්ගලික තොරතුරු,දත්ත තියන සමාජ ජාල වෙබ් අඩවි,ඉමේල් ගිණුම් වගේ ගොඩක් සංවේදි දේවල් තියන ගිණුම් වලට මොකද වෙන්නේ?බොහෝ වෙබ් අඩවි වල මේ පිලිබද ලොකු සැළකිල්ලල් නැහැ.
  නමුත් ගුගල් ඒ ගැන හිතල ඉවරයි.Inactive Account Manager කියන්නේ ගුගල් හදුන්වා දුන්නු අලුත්ම අලුත් feature ඒක.ඒමහින් ඔබේ මරණින් පස්සේ ඔබේ අන්තර්ජාලයේ තියන දත්ත වෙනත් අයගේ අතට පත් විම වළක්වන්න පුලුවන්.

  කෙටියෙන්ම කිව්වොත් Inactive Account Manager ඔබට පහසුකම් සලසා දෙනව ඔබ යම් කිසි නිශ්චිත කාලයක් ඔබේ ගුගල් ගිණුම සමග සම්බන්ද වෙලා කටයුතු කලේ නැත්නම් ඊට පස්සේ ඒ ගිණුමට කරන්න ඔන මොකද්ද කියල තිරණය කරන්න.මේ තියෙන්නේ මේ ගැන ගුගල්ලගේ නිළ බ්ලොග් අඩවියේ මේ ගැන තිබුන අදහසක්,

“Not many of us like thinking about death — especially our own. But making plans for what happens after you’re gone is really important for the people you leave behind,” . “So today, we’re launching a new feature that makes it easy to tell Google what you want done with your digital assets when you die or can no longer use your account.”
  ඔබ ගුගල් හි නිරන්තරව භාවිතා කරන්නෙක් නම් ඔබට පුලුවන් ඔබේ ගුගල් ඉමේල් ගිණුම වගේම අනෙක් සේවාවනුත් ඔබ ගුගල් සමග මාස3,6 නැත්නම් වසරක් තුල කිසිම සම්බන්දයක් පැවැත්තුවේ නැත්නම් ගිණුම සම්පුර්ණයෙන්ම මකා දැමිමට හො ඒහි අඩංගු සමහර දත්ත වෙනත් ඔබට අවශ්‍යය ගුගල් භාවිතා කරන්නෙකුට යවන්නත්.ඒ වගේම ආරක්ෂක පියවරක් ලෙස ගුගල් ගිණුම මකා දැමිමට පෙර ඔබට ඔබට මැසේජ් ඒකක් ඒවිමත් සිදු කරනව.



thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.