Apple Announces iOS 7..

       ඔයා භාවිතා කරන්නේ ඇපල් උපාංගයක්ද?ළගදිම ඒය වෙනස් වෙන්නයි යන්නේ.ඇපල් සමාගම වාර්ශිකව පවත්වන ඔවුන්ගේ Worldwide developers conference නම් සම්මේලනයේදි iOS 7 ඒළි දැක්වුවා.ඒය  “the most significant iOS update since the original iPhone” ලෙස ඔවුන් හදුන්වනව.අලුත්වන iOS 7 සමග අලුත්ම ආකාරයේ අතුරු මුහුණතක්,අයිකන් සහ වෙනස්ම කලර් තීම් ඒකක් ඔවුන් භාවිතා කරල තියනව.බොහෝ වැඩි දියුණු කල අංග සමග ගොඩක් දෙනෙක් බලාපොරොත්තු උන iRadio මෙයට ඇතුලත් වෙලා තියනව.

   මින් පෙර iOS 7 වල තිබුන දෝශයක් වන multitasking භාවිතා කිරිමේදි මතු උන දොශ මග හරව තියනව.ඒ වගේම වඩාත් දියුණු Notification Center ඒකකුත් මෙයට අයත්.විවිද ඔප්ෂන්ස් වෙනස් කරන Control Center ඒකට ඉක්මනින් ඇතුල් විමෙ පහසුකමත් ඇතුලත්,ඒමගින් Airplane Mode, Wi-Fi, Bluetooth or Do Not Disturb controls ඉක්මනින් ක්‍රියා කරවා ගන්න පුලුවන්.

   iOS 7 සතුව safari වල නවතම සංස්කරණයක් අඩංගුයි.වෙනස්ම photo editing මෘදුකාංගයක් සහ ළග තියන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි AirDrop ඒකකුත් තියනව.මෙහි අඩංගු මියුසික් ඇප්ස් අතර iTunes Radio විශේෂයි.ඒමගින් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි රේඩියො ස්ථාන 200 සහ විශාල සිංදු ප්‍රමාණයක් අඩංගුයි.මෙය ඇඩි අඩංගු නොවන පහසුකමක්.

   iOS 7 වල තවමත් තියෙන්නේ beta සංස්කරණයක්.ඒය iOS Developer Program වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.