පරිගණකය නඩත්තු කිරිමේදි සිදුවන වැරදි කීපයක්..

    පරිගණකය අපේ වැඩ ගොඩක් පහසු කරල දුන්නත් තවමත් අපිට ඒවා නඩත්තු කරමින් පවත්වාගෙන යන්න වෙලා තියනව.හුගක් අය පරිගණකයක් නඩත්තු කරන ඒක හරියට කරන්නේ නැහැ.ඒ අය අතින් ගොඩක් වැරදි වෙනව.
  මේ වැරදි නිසා පරිගණක දෘඩාංග වලට හානි විම,ආරක්ශාවේ අඩුපාඩු,දත්ත විනාශවිම්,අනවශ්‍යය ලෙස මුදල් වියදම් විම් සහ පරිගණකය අස්ථාවර බවට පත්විම වගේ දේවල් ගොඩක් වෙන්න පුලුවන්.මෙ තියෙන්නේ එවැනි වැරදි කිපයක්.
  • පරිගණක මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග යාවත්කාලින නොකිරිම.
  • පරිගණකය තුල දුවිලි,මකුළු දැල් බැදිමට දිම.මෙ නිසා පරිගණකය නියමිත පරිදි සිසිලනය නොවි ඒහි දෘඩාංග වලට හානි වෙන්න පුලුවන්.

  • ඔබේ දත්ත සහ වැදගත් දැ බැක්කප් නොකිරිම.පරිගණකය කුමන මොහොතක දොශ සහගත  වෙයිද දන්නේ නැහැ.ඒ නිසා ඒහි තියන වැදගත් ලිපි පින්තුර ආදිය බැක්කප්  කරල තියා ගන්න ඔන.

  • පරිගණකය කෙලින්ම ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ද කිරිම.මෙය නොකල යුත්තක්.ඒ සදහා surge protector ඒකක් භාවිතා කිරිම ඉතා වැදගත්,ඒමගින් ඔබේ විදුලි උපකරණ විදුලි විසර්ජන වලින් ආරක්ශා කරගන්න පුලුවන්.

  • අනවශ්‍යය ලෙස defragments  කිරිම.මෙ නිසා පරිගණකයේ දත්ත ගබඩා කරන Hard ඒකට හානි වෙන්න පුලුවන්.

  • ප්‍රතිවෛරස මෘදුකාංග  කිපයක් ඒකවර ස්ථාපනය කර තිබිම.ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තර ෆයිල් පවා පරික්ශාකරනව.වැඩසටහන් දෙකක් මගින් මෙය සිදු කිරිමට යාමෙදි ඒය crash වෙන්න පුලුවන්.

  • Registry Cleaner හෝ “PC Cleaning” App භාවිතා කිරිම.සමහර මෙ ආකාරයේ වැඩසටහන් සමහරක් ඔබෙ රහස්‍යය දත්ත සොරා ගන්න පුලුවන්.


  • වායු සංසරණය අවහිර කිරිම.පරිගණකය සිසිල් වෙන්න වායු හුවමාරුව ඉතා වැදගත්.ඒවා අවහිර වීම උපාංගයට හානියක්.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.