Fight Computer Fatigue & Protect Your Health..

නිවරදි පරිගණක ඉරියව් සහ පුරුදු..
 
   ව්‍යායාමයක් නැතුව ඒක දිගට පරිගණකයක් ඉදිරිපිට ගෙවන කාලය නිසා ඔබේ සෞඛ්‍යය අවධානමේ බව ඔබ දන්නවාද? ඒක දිගට ඉදගෙන සිටිම නිසා ඇති විය හැකි ආබාධ රාශියක් තියනව.අපි රැකියාවකට හෝ නිදහසේ කාලය ගෙවන්න පරිගණකය ඉදිරියේ අනවශ්‍යය ලෙස දිගු වෙලාවක් වාඩි වී සිටිම නිසා අධික තරබාරු බව,දියවැඩියාව,පිළිකා වැනි රෝග වලට නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් තියනව.මෙවා මුල් කාලයේදිම අවම කරගන්න ක්‍රියාමාර්ග ගැනිම ඉතා වැදගත්.
  ඔයා හිතන්නේ නැත්නම් ඔයා ඉන්නේ අවධානමක කියල,ඒහෙමත් නැත්නම් ඔයා තාම තරුණ නිසා ඒ වගේ අවදානමක් නැහැ කියල,මම කියන්නේ තව සැරයක් ඒ ගැන හිතන්න.ඔයා කාර්‍යාලයේ පැය 8 ඒක දිගට පරිගණකයේ ඉදිරියේ සිටියත් විනොදයට ගේම් ඒකක් ගහමින් හිටියත් අවිදිමත් පරිගණක පුරුදු භාවිටය නිසා ඔයාගේ ශක්තිය නිකරුනේ වැයවෙන්න,ඇස් විඩාවට පත් වෙන්න,හිසරදය හැදෙන්න වගේ දෙවල් වෙන්න පුලුවන්.ඔයා නොහිතන සමහර දෙවල් පුරුදු පුහුණු කර ගැනිම මගින් ඔයාට ශරිරය වගේම සෞඛ්‍යත් රැක ගන්න පුලුවන්.
   ඔයා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉන්න විදිය හරිම වැදගත්.වැරදි ඉරියවුවක් භාවිතා කිරිම නිසා ඔයාගේ ශරිර අංග වලට අනවශ්‍යය පීඩනයක් ඒකතු වෙන්න පුලුවන්.ඒමගින් ඔබ ඉක්මන්න්ම වෙහෙසට පත්වීම,මස්පිඩු වේදනා වගෙම සමහර විට තුවාල පවා සිදු වෙන්න පුලුවන්.
#1.වාඩිවන නිවරදි ඉරියවුව.

   සමහරු හිතන්නේ පුටුවේ හරි කෙලින්  වාඩි වීම තමයි නිවරදි කියල.නමුත් නිවරදිව වාඩි වෙන්න ඔන අංශක 120 ත් 135 අතර කොණයකින්.ඔබේ උරහිස් නිතරම නිදහසේ තියෙන්න ඔන,යටි බාහුව සහ අත් කෙලින් තියා ගන්න ඔන,දෙපා පොළවට ස්පර්ශ වෙන්න ඔන,මොනිටරයේ ඉහල ඔබෙ ඇස් මට්ටමෙ පවතින්න ඔන.මෙ සියල්ලම ඔබෙ ශරිරයේ පිඩනය අවම කරන නිවරඩි ඉරියව්.

#2.පරිගණකය තබා තියන මෙසයත් නියමිත ප්‍රමිතින්ට අනුව සකසා තිබිම.

  පරිගණක නිසා ඇතිවන පීඩාවන් ගැන සලකන කොට ගොඩක් අයට ඒක පාරට මතක් වෙන්නේ කොන්දේ අමාරුව,මස්පිඩු වෙදනාව වගේ දේවල්,නමුත් ඔබට අමතක වෙනව ඇස් වලට ඉන් ඇතිවන බලපැම.ඒමගින් ඇස් විඩාවට පත් වීම,වියලිම,ඇස්යට කළු විම වගේ දෙවල් වෙන්න පුලුවන්.මෙ තත්වයන් ඔබෙ පෞරුශයටත් ඔබ සිතනවාට වඩා ලොකු බලපැමක් කරන්න පුලුවන්.

#3.නිවරදි ආලෝක තත්වයක් පවත්වා ගැනිම.
අධික ආලෝකයක් සහිත ප්‍රතිදීප්ත විදුලි බල්බ සහ සහ තද හිරු ඒළිය ඔබෙ ඇස් ඉකමනින්ම විඩාවට පත් කරන්න පුලුවන්.ඒ වැනි ආලෝක තත්ව අවම කර ගන්න කටයුතු කරන ඒක ඇස් වල ආරක්ශාවට වැදගත්.
#4.පරිගණක තිරයේ brightness ඒක පාලනය.
ඔබේ පරිගණක තිරයේ ආලෝක තත්වය කාමරයේ ආලොකයට සමාන වෙන්න ඔන.ඒමගින් ඇස් වලට දැනෙන විඩාව අවම කර ගන්න පුලුවන්.වාසනාවකට වගේ ඔබේ ඇස් අඩිකව විඩාවට පත් වීම අවම කරන්න උදව් වෙන ඇප්ස් වර්ගත් තියනව.EyeDefender කියන්නේ ඒ වගේ ඒකක්.
#5.නිතරම ඇසිපිය සැලිම.
පරිගණකය දිහා බලාගෙන ඉන්නකොට අපිට අමතක වෙන දෙයක් තමයි ඇසිපිය ගැසිම.මෙ නිසා ඇස් වියළිමට ලක් වී ඇස් කැසිමට,පෙනුම අඩු වෙන්නට,කදුළු ගැලිමට පටන් ගන්න පුලුවන්.මෙ නිසා ක්‍රමානුකූලව ඇසිපිය සැලිම වැදගත්.

   අපිට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි අපි පරිගණකයේ වැඩ කරන කොට වෙලාව ගත වෙනව නොතේරිම.ඉතින් අපට අමතක වෙනව අපි මේ වැඩ කරන්නේ පරිගණකයක් ඉදිරියේ කියල.පැය ගාණක් ඇසිපිය සලන මොහොතකදි ගෙවිල ගිහිල්ලා.ඒ වෙනකොට අපේ ශරිර ශක්තිය අවම වෙලා ගිහින් අපි කම්මැලි වෙලා.ඒතකොට තවදුරටත් ඉන් ඉවත් නොවී සිටිමට අපට හිතෙනව.පරිගණකය නිසා අපට ඇතිවන ආබාධ අවම කරගන්න හොදම විදිය තමයි නිරන්තරයෙන් විවේක ගැනිම.
#6.ලේ ගමනා ගමනය කාර්‍යක්ශම කිරිම.
මෙ සදහා හොදම විදිය තමයි පැයකට වරක්වත් නැගිටලා ඇවිදිම.ඒමගින් ලේ ගමන වේගවත් වෙලා ශරිර ශක්තිය වැඩි වෙනව.ඒමගින් ආබාද අඩු කරගන්න පුලුවන්.
#7.මානසික වෙහෙස අඩු කර ගැනිම.
ඔබ වැඩ කරන අතර විනාඩි 20 කට 30 කට වරක් ඔබෙ අවදානය වෙනත් යමකට විනාඩි 5 යොමු කිරිම වැදගත්.ඒ සදහා මිතුරෙකු සමග විහිළුවක් කිරිම,ජනෙලයෙන් ඉවත බලා සිටිම,දැස් පියාගෙන සිටිම වගේ දෙයක් කරන්න පුලුවන්.
#8.Use the Pomodoro technique
විවේකයක් ගන්න අමතක වෙන අයට භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේදයක් තමයි  Pomodoro  කියන්නේ. මෙ සදහාම නිමවුන පරිගණක ඇප්ස් තියනව.මෙ තියෙන්නේ ඉන් කීපයක්.




   මෙ කුඩා පියවරවල් අනුගමනය කරල බලන්න.ඔයාටත් මෙක වැදගත් උනා නම් කමෙන්ට් ඒකක් දාන්න අමතක කරන්න ඒපා...

අන්තර්ජාලය ඇසුරිණි.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.