Captcha puzzles(කැප්චා පස්ල්ස්)



    ගුගල්,යාහු හෝ වෙනත් ඉ-මේල් සේවාවක ගිණුමක් ඇරඹිමට යන විට එම සේවාව මගින් සපයන ප්‍රහේලිකාවකට අප පිලිතුරු දිය යුතුය.ඇද විගිය ඉංග්‍රිසි වචනයක හෝ දෙකක ඉමේජයක් දි එහි පෙනෙන වචනය ටයිප් කිරිමට කොටුවක් දිම ප්‍රහේලිකාවයි.එතනින් ඉදිරියට යා හැක්කේ එය පිරවු විට පමනි.
  දැනට නොයේක් සෙවා සපයන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන මෙවැනි ප්‍රහේලිකා කැප්චා (CAPTCHA:Completely Automated Public Turing Test to tell Computer and Humans ) නමින් හදුන්වයි. මේවායින් බලාපොරොත්තු වන්නේ වෙබ් අඩවියට පිවිසෙන්නා ජිවමාන පුද්ගලයකු දැයි තේරුම් බේරුම් ගැනිමයි.
   ගුගල්,යාහු,ලයිව්,ෆේස්බුක්,යු ට්යුබ් ආදි වෙබ් සේවා තම සේවාදායකයින් ස්පෑම් වලින් ආරක්ශාකර ගැනිමට කැප්චා ප්‍රහේලිකා යොදා ගනි.
  කැප්චා සහ රිකැප්චා ක්‍රමයේ නිර්මාතෘවරයා වන්නේ ගෝතමාලා ජාතික පරිඝනක විද්‍යාඥයකු වන ලුවිස් වොන් ආන් ය.ඒ වසර 2000 දි පමන ය.කැප්චා නිර්මාණය කිරිමට මුලික ක්‍රමවේදය වන්නේ,අකුරු පෙළ මතුපිටින් ග්‍රිඩ් එකක් යොදා ස්වරුපය විකෘති කිරිමය.එයින් උපදින අකුරු කියවිය හැක්කේ මිනිසෙකුටම පමනි.

  ලොව පුරා සෙනග සෑම මොහොතකම පාහේ කැප්චා ප්‍රහේලිකා විසදමින් පවති.දිනකදි නිවරදිව විසදන කැප්චා ප්‍රහේලිකා ගණන කෝටි 20 කි.සාමාන්‍යයෙන් කැප්චා ප්‍රහේලිකාවක් හදුනාගෙන ටයිප් කිරිමට තත්:10 පමණ ගතවේ.ඒ අනුව මේ කාර්යය සදහා දිනකට මිනිස් පැය ලක්ෂ 5 ක් වැය වේ. මේ ගතවන විශාල කාලයෙන් ප්‍රයොජනයක් ගැනිමට ක්‍රමයක් සොයා ගත්තේද ලුවිස් වොන් ආන්ය.ඒ රිකැප්චා ක්‍රමය හදුන්වා දිම මගිනි.



මොකක්ද මේ රිකැප්චා...ලගදිම කියනවා.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.