හබ්(Hub),ස්විච්(Switch) හා රවුටර්(Router) අතර වෙනස?

  හබ් හා ස්විච භාවිතා කරන්නේ ඒකම IP ප්‍රමිතියක් සහිත නෙට්වර්ක් (LAN)  උපකරණ කීපයක් ඒකිනෙක හා සම්බන්ධ කිරිමටය.මේවා කොම්පියුටර්,ප්‍රින්ටර් හෝ නෙට්වර්ක් සමග සම්බන්ද වන ඒවැනි උපාංග වේ.
  හබ්(Hub) ඒකක් මගින් ඒහි සම්ප්‍රේශණ මාර්ගය පොදුවේ විවෘතව තැබේ.ස්විච(Switch) යක් මගින් ඒ ඒ උපාංග සදහා වෙන් වෙන්ව සම්ප්‍රේශණ කටයුතු සිදුකරයි.මේ නිසා හබ් ඒකකදි  දත්ත හුවමාරු වන කොටස් හෙවත් data පැකට් විනාශ විමට ඉඩ තිබේ.ඒ නිසා ඒවා නැවත නැවත සම්ප්‍රේශණය කල යුතුය.ස්විච් ඒකකදි මේ දොශය නැත.ඒබැවින් හබ් ඒකකට වඩා ස්විච් ඒකක් වේගවත්ව නෙට්වර්ක් සබදතා ඇති කරයි.
  රවුටර් Router ඒකක ක්‍රියාකාරිත්වය ස්විචයක ක්‍රියාකාරිත්වයට සමානය.ඒහෙත් ඒමගින් විවිධ ප්‍රමිති වල නෙට්වර්ක් වුවත් ඒකිනෙක සම්බන්ධ කරයි.කාර්යාලයක ඇති නෙට්වර්ක් ඒකක් ඉන්ටනෙට් හා සම්බන්ධ කිරිම ස්විච් ඒකක් භාවිතා කරා නොහැකි විමත්,ර්වුටර් ඒකක් යොදා ගෙන කල හැකි විමත් උදාහරණයකි.
මොඩෙම්(MODEM) ඒකක්`හා`රවුටර්(Router) ඒකක්`වෙනස් වන්නේ`කෙසේද?
  Internet Modem යක් සෑම විටම තනි පරිගණකයකට ඉන්ටනෙට් ලබා ගැනිමට භාවිතා කෙරේ.ඒය dial-up modem ඒකක් සේම,පරිගණක මෘදුකාංග හරහා ඩයල් කරන නිසා,ඉන්ටනෙට් වලට කනෙක්ට් විමට නම් ඊට පෙර ඩයල් කර ඉන්ටනෙට් කනෙක්ෂන් එක ලබා ගත යුතුය.
  ඒහෙත් රවුටර් ඒකක් ඔන්වු විට username,password ආදිය රවුටරය තුලම සේව් කොට තැබෙන නිසා ඒය ස්වයංක්‍රියවම ඉන්ටනෙට් හා සම්බන්ද වේ.ඒ නිසා ඩයල් කිරිම අවශ්ය නොවේ.ඊට අමතරව රවුටර් ඒකක් තනි පරිගණකයකට මෙන්ම නෙට්වර්ක් ස්විච් හරහා පරිගණක කිපයකටම ඉන්ටනෙට් සබදතාව ලබා දිමට භාවිතා කල හැකිය.

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.