සින්සිං වලින් වැඩ ගැනිම...(Sync)


   අපි හැමොම අපේ පෞද්ගලික පරිගණක වලින් කරපු වැඩ තවත් පරිගණකයකට ගෙන යන්න භාවිතා කරන්නේ සිඩ් ඒකක්,ෆ්ලෑෂ් ඩ්‍රයිව් ඒකක් වගේ දේයක්.හැබැයි දැන් නම් මේ ක්‍රමය ටිකක් පරණ තාලයේ ක්‍රමයක්.ඒකට හේතුව තමයි තම පරිගණකයේ තිබෙන තොරතුරු ලොකයේ ඔනෑම තැනකදි ලබාගත හැකි ලෙස ඉන්ටනෙට් පදනම් වෙච්ච සේවා කරලියට පැමිනිම.මේම සේවා වලට කියන්නේ "සින්ක්" (Sync) කියලා.
   ගෙදරදි කරන වැඩ අන්තර්ජාලය හරහා හුවමාරු කර ගැනිම අලුත් දෙයක් නෙවෙයි.අපි දැනටමත් ඉ-මේල්(e-mail) හරහා ඔන්ලයින් බැකප් සේවා හරහා ඒ දේවල් කරගන්නවා.හැබැයි සින්ක් සේවාව ඊට වඩා වෙනස් පහසු ආකාරයක්. දැනට අන්තර්ජාලයේ සින්ක් සේවා සපයන වෙබ් අඩවි රාශියක් තිබෙනවා.
   ගෙදර හෝ යම් තැනක ඉදලා කරන වැඩ,මේ සේවා සපයන වෙබ් අඩවිය හරහා කලාම ලෝකේ ඔනෑම තැනකදි ඔනෑම වේලාවක ලබා ගන්න පුලුවන් ව්ම මෙහි සුවිශේෂිත්වය නෙවෙයි,සුවිශේෂිත්වය තමයි මේ සේවාවට සම්බන්ද කරලා තියන ලිපි ලේඛන හෝ වෙනත් ඔඩියෝ,විඩ්යෝ ගොනුවක කරන වෙනස් කම් ඉබේටම uptade විම.තවත් දේයක් තමයි ලොකයේ ඔනෑම තැනක ඉන්න කිපදේනෙකුට උනත් ඒකවර වැඩ කරන්න පුලුවන් විම,හරියට පරිගණක ජාලයක වගේ.
   "ඒකවර ඒකිනෙකට සමගාමීව වැඩ කරන්නේය" යන තේරුම දේන(Synchronization) යන ඉංග්‍රිසි වචනයේන් බිදගත් "Sync" යන නමින් මේ සේවාව හදුන්වන්නේ ඒ නිසාය.මෙම සේවාවකින් වැඩ ගැනිම "Syncing" සින්සිං යන නමින් හදුන්වයි.

  දැනට සින්ක් සේවා සපයන වෙබ් අඩවි රාශියක් ඇති අතර ඉන් සමහරක් නොම්ලයේද සේවා සපයයි.පහල තියෙන්නේ ඒවගේ ජනප්‍රිය සින්ක් සේවා කිපයක්..

  • Dropbox:2GB of free storage
  • Windows Live SkyDrive :25GB for free (and allows you to sync 5GB)
  • SugarSync:5GB for free
  • Google Drive:5GB for free

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.