ගිගාබයිට්(GB),ටෙරාබයිට්(TB),පෙටාබයිට්(PB)...


   අගලක්,මිටරයක්,සැතපුමක් වගේ මිනුම් අපට අපට දකින්න පුලුවන්.හැබැයි ගිගාබයිට්(GB),ටෙරාබයිට්(TB),පෙටාබයිට්(PB) වගේ ධාරිතාව මනින ඒකක කොච්චර ලොකුද කියලා අපට හිතා ගන්න බැ.
අපේ තාක්ෂණය පසුගිය දශක කීපයේදි සෑහෙන වෙනස් වෙලා තියනවා.ඒත් ඒක්කම ගබඩා කරන දත්ත ප්‍රමාණය හිතාගන්න බැරි තරමට වැඩි වෙලා.අද ලොකයේ පරිගණක සියල්ලේම තැම්පත් කරලා තියන දත්ත වල ඒකතුව කොපමණ විශාල ඇත්ද?අපි ඒ ගැන දැනෙන විදියට බලමු.
   දත්ත ප්‍රමාණය මනින පොඩිම ඒකකය තමයි Byte ඒක.ඒ කියන්නේ ඒක අකුරක් ගබඩාකරන්න වැයවෙන ඉඩ ප්‍රමාණය.ඒතකොට අකුරු 6 ක වචනයක් ලියන්න 6Byte වැය වෙනවා

  1024byte=1Kb, සාමාන්‍යයේන් අපි Kilo කියන උප සර්ගය 1000 ලෙස භාවිතා කලාට පරිගණක වලදි නම් ඒ සංඛ‍යාව 1024 වෙනව.

  • වචන 500 ක් 3000 Byte(2.94Kb) ප්‍රමාණයකුත් වචන 200000 ක නවකතාවක් 10172Kb(1.14Mb) ඉඩ ප්‍රමාණයකුත් ගන්නවා.

ගිගාබයිට්1ක්(1GB) කියන්නේ'මෙගාබයිට්'1024(MB) ක්.

  • ඒය ආසන්න වශයේන් යාර 10 උසට ගොඩගැසු පොත් ගොඩක තියන දත්ත ප්‍රමාණයට සමාන වෙනවා.
  • නැත්නම් විනාඩි 5 ක් පුරා දිවෙන Mp3 සිංදු 200 ප්‍රමාණයකට ඒය සමාන වෙනවා.


ගිගාබයිට් වලට පස්සේ තියෙන්නේ ටෙරාබයිට්(TB). 1TB=1024GB වලට.
  තවත් කුඩා කලොත් 1.048,576MB=1,073,741,824Kb=1,099,511,627,776Byte වලට සමාන වෙනවා.ඒ කියන්නේ 1TB හාඩ් ඩිස්ක් ඒකක් බයිට්(Byte) ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයක් තියනවා කියන ඒක.

  • සාමාන්‍යය CD ඒකක 700Mb ධාරිතාවක් තියනවා ඔයාට ඔනේ නම් 1TB CD වල ගබඩාකරන්න ඒ සදහා CD 1500 පමන අවශ්‍ය වෙනව.

1024TB=1PB(පෙටාබයිට්).දන්නවද මිනිස් මොලයට පුලුවන් 2.5PB ධාරිතාවක දත්ත ගබඩා කරල තියා ගන්න.
        පෙටාබයිට් ඒකක් කොච්චර ලොකුද?


  • අපේ ක්ෂිර පතයේ ආසන්න වශයේන් තරු බිලියන 200 පමණ තියනවලු.මේ ඒක තරුවක් 1Byte කියලා ගත්තොත් ඒ වගේ ක්ෂිරපත 5000 අවශ්ය වනවලු 1PB දත්ත හදා ගන්න.
  • රූපවාහිනි වැඩසටහනක් දත්ත විදියට ගබඩාකලොත් පැය 10000 ක TV Program ඒකක් ඔන වෙනවා 1PB පුරවන්න.මේක බලන්න වසර 2 ගත වෙනවා.ඒකත් නොකා,නොබි වෙන කිසිම වැඩක් නොකර බැලුවොත් තමයි.

ලොකයේ සිදුවන තාක්ශණ වෙනස් වීම් සමග දත්ත ගබඩා කරණයද සිඝ්‍රයෙන් දියුණු වෙන ඒක වලක්වන්න බැරි දෙයක්.


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.