ලිනක්ස් ඩ්ස්ට්‍රෝස්(Linux distros)



      ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය සුවිශේෂි ඒකකි.ඒ ඒය ඔනෑම කෙනෙකුට නොමිලයේ ගෙන තමන්ට ඔනෑ ලෙස වෙනස් කල හැකි නිසාම පමණක් නොවේ.ලොව ජනප්‍රියම පරිගණක මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලිනක්ස් කර්නලය මත පිහිටා නිර්මාණය කර තිබෙන නිසාය.
  Microsoft සමාගමේ Windows හා ඇපල් සමාගමේ Mac OS යන මුදලට විකුණන මෙහෙයුම් පද්ධති හැරුන විට ලොව වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ Linux පාදක  මෙහෙයුම් පද්ධති වර්ගයි.
  Linux කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන (Source code) පදනම් කරගෙන නිර්මාණය කර තිබෙන මෙම නොයේක් මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ කෙටි නමකිනි.Linux distros යනු ඒයයි.මෙහි දිග නම නම් Linux distribution යන්නයි.
  මිට අමතර වශයෙන් ව්‍යාපාරික ප්‍රජාවකත් ඊට කැමති ප්‍රජාවකත් අනුග්‍රහය සහිතව Linux  මෙහෙයුම් පද්ධති ඉදිරිපත් කර තිබේ.ඒවා Slackware ලෙස හදුන්වයි.මෙලෙස ලොව පුරා සෙනග පාවිච්චි කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති  ගණන විශාලය.පහතින් ජනප්‍රිය කීපයක් දක්වා ඇත.

  • www.ubuntu.com
  • www.opensuse.org
  • www.linuxmint.org
  • www.fedoraproject.org
  • www.debian.org
  • Pinguy OS
  • Hybryde Evolution

   අද ලොව ප්‍රධාන මූල්‍ය සමාගම් සහ රාජ්‍ය ආයතන වල වැඩිමනක් පරිගණක මෙහෙයවනු ලබන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති  වලිනි.අන්තර්ජාලය මෙහෙයවන සර්වර්ස් වැඩි හරියක්ම,සුපිරි පරිගණක රාශියක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් පන ලබයි.ඒමෙන්ම ගූගල් සර්ච් ඒන්ජිම සම්පුර්ණයෙන්ම පාහේ මෙහෙයවන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති  වලිනි.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.