ReCaptcha(රි කැප්චා)


    හොදයි යාලුවනේ මම ඔයාලට කැප්චා පසල්ස් ගැන කිව්වා මතකයි නේ.මෙතනින් බලන්න.ඒකෙ අනිත් කොටස තමයි රි කැප්චා කියන්නේ.මේකත් හදුන්වා දුන්නේ ලුවිස් වොන් ආන් ම තමයි.හැබැයි මෙ ක්‍රමය නිසා ලොකයට ලොකු  උදවුවක් සිද්ද උනා.
   ලෝකයේ සමහර ලභ නොලබන ආයතන තියනවා ඩිජිටල් පිටපත් නොමැති පොත් පත් ,සගරා ආදියේ ඩිජිටල් පිටපත් නිර්මාණ කරනයේ යෙදි සිටින.ඒ කියන්නේ ඩිජිටල් යුගයට පෙර ලියවුනු දේවල් සංරක්ශනය කිරිම තමයි අරමුණ.පසුව ඒවා ඔනෑම කෙනෙකුට නොමිලයේම ඩවුන්ලොඩ් කරගන්නත් අවස්ථාව ලබා දෙනවා.
   මෙසේ පිටපත් සැදිම කරන්නේ පොත ස්කෑන් කිරිම මගින්.මෙහිදි සැදෙන ඉමේජය ORC(Optical Character Recognition) වැඩසටහනකට යොමු කරලා ඉමේජයේ තියන වචන හදුනා ගැනිම කරනව.මෙම ORC  වැඩසටහන ඉමේජයේ තියන වචන වලින් 80% පමණ හදුනාගත්තත් ඉතිරි 20% හදුනාගන්න අපහසු වෙනවා.හේතු විදියට අකුරු බොදවෙලා තිබිම,වැඩසටහනට හදුනාගත නොහැකි විම වෙන්න පුලුවන්.
    රි කැප්චා ක්‍රමය පිහිටට එන්නේ මෙතනදි තමයි.කියවාගත නොහැකි වචනය  වැඩසටහනකින් ලබා ගෙන ඒයට ORC  වැඩසටහනකින් හදුනාගත් පදයක් සමග එක් කර කැප්චා පසල් එකක් නිර්මාණය කරණව.පසුව මෙම ඉමේජ රි කැප්චා සේවය ලබා ගන්නා වෙබ් අඩවි වලට යොමු කරයි.දැන් ඔබ යම් සේවාවක් සමග එක් විමේදි විසදිම සදහා මෙම කැප්චා ඔබට ඉදිරිපත් කරනව,එකම ඉමේජය කිපදෙනෙකුට ලබා දී ටයිප් කරන වචන දෙස බලා වැඩ්දෙනෙක් ටයිප් කරන ආකාරය නිවරදි යැයි සනාථ කිරිම තවත් පරිගණක  වැඩසටහනක් මගින් සිදු කරනවා.පසුව ඒය ඩිජිටල් ටෙක්ස්ට් ඒකක් බවට පත් කර වචන පොතට ඇතුල් කර ගන්නවා.
   රි කැප්චා මගින් වැඩ දෙකක් එකවර ඉටු කරගනි,පලමුව සේවාව ලබා ගන්නේ මිනිසකු යැයි තහවුරු කර ගන්නා අතරම පැරණි පොතක් ඩිජිටල් කරණය කිරිමටද උපකාරයක් ලබාගනි.මෙමගින් ලැබෙන උපකාරයේ තරම නිව්යොර්ක් ටයිම්ස් පත්තරයේ 1851 සිට1980 දක්වා කලාප සියල්ල ඩිජිටල් කිරිම ගත හැක.ඒ සියල්ල වෙබ් සේවා ලබන ඔබේත් මගේත් ලොකවාසින්ගේ උදවුවෙනුත් රි කැප්චා මගින් වසරකින් පමණ නිමා කරගෙන තිබේ.රි කැප්චා නොවන්නට ඒ සදහා වසර 10-15 පමන ගතවේයැයිද විශාල මුදලක් වැයවේ යැයිද ගනන් බලා තිබේ.
    මේ වනවිට සමාගම් විශල සංඛ‍යාවක් පොත් ඩිජිටල් කරනයේ යේදි සිටි.ගුගල් සමාගමද තම හා   යන සේවාවන් හරහා ඒයට දායක වේ.තවත් සමහර ආයතන රි කැප්චා පසල්ස් විසදිම වෙනුවෙන් ඔබට මුදල් ලබාදිමද සිදු කරයි.ඔව්න්ගේ වෙබ් අඩවිවල ලියාපදින්චි වී ඔයාලට සල්ලි හොයන්නත් පුලුවන්.මෙන්න එහෙන්ම සේවයක්.ගිහිල්ලම බලන්නකෝ... (click here)
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.