පරිගණක කේබල් වල තොරතුරු..


   පරිගණකයට සම්බන්ද කරල තියන ඔනෑම උපකරණයක් බැලුවොත් පරිගණකය තුල වගේම ඒ උපකරණය තුලත් වයර් පිරිලා.අමුතු අමුතු නම් තියන ඒක ඒක පාට වයර් ගොඩාක්. ඔයාලට ප්‍රශ්ණත් ඇති,ඇයි හාඩ් ඒක සම්බන්ද කරන්න IDE හරි SATA හරි Cable ඒකක් භාවිතා කරන්නේ?ඇත්තටම USB 1.0,2.0,3.0 වල වෙනස් කම් තියනවද?Fire-wire කියන්නේ Fire wall ඒකේම කොටසක්ද? වගේ.
  මේ cable වර්ග වලට අපි හැමොම වගේ පාවිච්චි කරන්නේ කෙටි නම් SATA,IDE,USB වගේ.ඇත්තටම මේවායේ තෙරුම මොකක්ද?මේ වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මෙ ලිපිය කියවල හොයාගන්න පුලුවන් වේවි.
  ගොඩාක් ජාතියේ Cable වර්ග තිබුණත් ඒවයින් කිපයක් ගැන විස්තර තමයි පහල තියෙන්නේ.

VGA (Video Graphics Array)

 

  1980 ගණන් වල තමයි VGA connection ඒක පළමුවෙන්ම නිපද වලා තියෙන්නේ.මේක තමයි පරිගණක තිරයට පරිගණකය සම්බන්ද කරන සම්මත Cable ඒක.ඩිජිටල් කනෙක්ෂන්ස් වල පැමිණිමත් සමග ක්‍රමාණුකුලවVGA connection වල ජනප්‍රියතාව අඩු උනත් තවම video card සමග VGA port ඒකක් දකින්න පුලුවන්.

VGA කනෙක්ෂන් ඒක හදුනාගන්න පුලුවන් පේලි 5 බැගින් පේලි 3 ලෙස පිහිටි Pin 15 මගින්.

DVI (Digital Visual Interface)

   තාක්ශණය analog වලින් digital වලට ගමන්කරන විට VGA වෙනුවට පැමිණුන සාර්තකම තාක්ශණික පිලියම තමයි DVIකියන්නේ.මේවා LCD,LED වගේ display වල භාවිතා වනව.DVI Connections  ආකාර 3 තියනව.

  • DVI-A: සිග්නල් සම්ප්‍රේශණයට.
  • DVI-D: නවතම digital සිග්නල් සම්ප්‍රේශණයට.
  • DVI-I :analog/digital සිග්නල් වර්ග 2 ම සම්ප්‍රේශණයට.

HDMI (High Definition Multimedia Interface)

   පසුගිය දශක 2 තුලදි High-Quality තමයි නවතම ප්‍රමිතිය උනේ දත්ත  සම්ප්‍රේශණය කිරිමේ.අපි HD කියන්නේ මේක තමයි.VGA,DVI වගේ නෙවෙයි HDMI වලින් Audio/Video සිග්නල් වර්ග 2 ම ඒකවර යවන්න පුලුවන්.හැබැයි Digital signal  විතරයි.ඒ කියන්නේ HDMI ගැලපෙන්නේ නවතම උපකරණ සමග පමනයි.HDMI connections වර්ග 4 තියනව.

  • Type A:pin19

  • Type B:pin29

  • Type C:pin19(Digital camera,PDA)

  • Type D:pin 19 (Micro USB cord)

USB (Universal Serial Bus)

From left to right: micro USB, mini USB, type B standard USB, and type A standard USB

 USB Connection ඒක තමයි දැනට ලෝකය පුරාම පැතිරිලා තියන වඩාත් ජනප්‍රිය connection ඒක.සම්පුර්ණයෙන්ම වගේ පරිගණක උපාංග-keyboard,mics,headset,flash drive,ect: - පරිගණකයට සම්බන්ද වෙන්නේ USB port ඒකක් හරහා. කාලයක් තිස්සේ USB ඒක තම පරම්පරා කිපයක් පසුකරගෙන ඇවිත් තියනව.දැනට භාවිතා වන නවත්ම පරම්පරාව තමයි USB 3.0 කියන්නේ.

  • USB 1.0/1.1=12Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.
  • USB 2.0 =දැනට භාවිතා වන පරිගණක වැඩි ගණනක තියෙන්නේ මේ වර්ගය.දත්ත සම්ප්‍රේශණ වේගය 480Mbps වෙනව.
  • USB 3.0=4.8Gbps වගේ අති විශාල දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි. 

       Mini සහMicro USB ආකාර වැඩිපුරම භාවිතා වෙන්නේ අතේ රැගෙන යා හැකි PDA,Phones,Cameras වගේ දේවල් වල

 ඉතිරි ටික හෙට....

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.