ෂර්ලොක් හෝම්ස්

 ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 වන දින ස්කොට්ලන්තයේ එඩිංබ්‍රෝ නගරයේය. චිත්‍ර ශිල්පී චාල්ස් ඇල්ටමොන්ට් ඩොයිල් ඔහුගේ පියා වූ අතර මව වූයේ මේරි ෆො‍ලේ ඩොයිල්ය. 1855 වසරේ විවාහ දිවියට එළැඹි ඔවුන්ගේ පළමු දරුවා වූයේ ආතර්ය. පියාගේ අධික බිමත්කම නිසාම ඔහුගේ මව, පියා අතහැර දමා යනවිට ආතර්ගේ වයස අවුරුදු 5 වූවා පමණි.6-5 නමුත් 1867 දී එනම් ආතර්ට වයස අවුරුදු 8 දී විසිරී ගිය පවුල යළි එක්විය. එතැන් පටන් ඔවුන් ජීවත් වූයේ චාල්ස් ඩොයිල් විසින් කුලියට ගන්නා ලද අපිරිසිදු කුඩා නිවාසවලය. කුඩා ආතර් ක්‍රිස්තියානි භක්තිකයකු වූ අතර ඔහු පාසල් අධ්‍යාපනය සඳහා පාසලට ඇතුළත් වීමට පෙර සිය නමට ක්‍රිස්තියානි නමකින් කොටසක්ද එකතු කර ගත්තේය. ඔහු බෞතීස්ම වූයේ “ආතර් ඉග්නේෂස් කොනන්” නමිනි. ඔහුට එම නම ලබා දෙන ලද්දේ මයිකල් කොනන් නම් වූ ඔහුගේ කැපකාර පියා විසිනී. එඩ්න්බර්ග් ශාන්ත මේරි ආසන දෙව්මැදුරේ දීය. අවුරුදු 9 දී රෝමානු කතෝලික සභාවට අයත් පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1870 සිට 1875 දක්වා කාලයේ අධ්‍යාපනය ලැබුවේ ස්ටෝනිහර්ස්ට් පාසලෙනි. 1876 දී ඔස්ට්‍රිියාවේ ස්ටෙලා මැට්යුටිනා ද්විතියික පාසලෙන් අධ්‍යාපනය ලැබ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේය. ඒ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. 1881 දී වෛද්‍ය උපාධිය ලැබ ඉන් පිටවුණු ආතර් බර්මිංහැම් සහ ශේ‍රාප්ෂයර් ප්‍රාන්තවල පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. 
  රෝගීන් රහිත බෙහෙත් ශාලාවේ පාළුව නැතිකර ගැනීම සඳහා ඔහු කෙටි කතා ලිවීමට පටන් ගත්තේය. ඔහු අතින් ලියැවුණු පළමු ප්‍රබන්ධ කතාව “The Haunted Grange Of Goresthope” නම් විය. නමුත් එය සාර්ථක කෙටි කතාවක් වූයේ නැත. පසුව ලියන ලද The Mistery Of Sasassa Valley නම් කෙටි කතාව 1879 සැප්තැම්බර් 6වන දින Chamber’s Edinburgh Journal සඟරාවේ පළ විය. 
  දරුවන් පස් දෙනකුට පියෙකු වූ ආතර් ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍යවරයෙකු නොවීය.  ඒ නිසාම ඔහු වැඩි වශයෙන් ප්‍රබන්ධ කතා ලිවීමට පටන් ගත්තේය. ඔහුගේ පෑනින් බිහිවූ අති දැවැන්ත ප්‍රබන්ධ කතා මාලාව වූයේ
  ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා පෙළයි. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන ප්‍රධාන චරිතය වූ ෂර්ලොක් හෝම්ස් නම් පෞද්ගලික රහස් පරීක්ෂකයා නිසා ශ්‍රීමත් ආතර් මුළු ලෝකයේම වැසියන්ගේ අවධානයට පාත්‍ර විය. ෂර්ලොක් හෝම්ස් නම් වන චරිතය ගොඩනැගීම සඳහා අඩිතාලම වැටුණේ ශ්‍රීමත් ආතර් එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන සමයේදී උපකල්පන සහ නිරීක්ෂණ මගින් නිගමනයට එළැඹීමටත් අසාමාන්‍ය ලෙස සැඟව ඇති තොරතුරු අනාවරණය කර ගැනීමටත් මනා නිපුණත්වයක් තිබූ මහාචාර්ය ජෝසප් බෙල්, ආතර්ගේ හිත ඇද බැඳ ගත්තෙකි. මහාචාර්ය බෙල්ගේ ක්‍රමවේදය අධ්‍යයනය කළ ආතර් මහාචාර්යවරයා දෙස බලා ෂර්ලොක් හෝම්ස් චරිතය ගොඩනැගුවේය. මෙම රහස් පරීක්ෂකයා සඳහා පළමුව ඔහු යෙදූ නාමය වූයේ “ෂෙරිංෆඩ් හෝස්”ය නමුත් එය ජනතාව අතරට නොයනු ඇති බව උපකල්පනය කළ ඔහු එකල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ “ෂර්ලොක්” ගේ නම මේ සඳහා භාවිත කිරීමට තීරණය කරන ලදී. “හෝම්ස්” යනු අපරාධ පරීක්ෂණ විද්‍යාවේ පුරෝගාමී පුද්ගලයෙකි. මේ දෙදෙනා එක්කොට “ෂර්ලොක් හෝම්ස්” නමින් මෙම දැවැන්ත චරිතය නම් කරන ලදී. හෝම්ස්ගේ සහායකයා ලෙස මෙම කතා මාලාවේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන දොස්තර ජේම්ස් වොට්සන් ද මනඃකල්පිතව නිර්මාණය වූවකි. නමුත් විචාරකයන්ගේ අදහස්වලට අනුව දොස්තර ජේම්ස් වොට්සන් යනු දොස්තර ආතර් කොනන් ඩොයිල් මය. 
  දීර්ඝ ෂර්ලොක් හෝම්ස් කතා 4ක්ද කෙටි ෂර්ලොක් හෝම්ස් කතා 56ක්ද රචනා කළ ඔහු ඉන් ඔබ්බටද විශාල කතා ප්‍රමාණයක් ප්‍රබන්ධ කර තිබිණි. කවි ‍පොත් 2ක්ද කෙටි කතා 12ක් ද ප්‍රබන්ධ 50කට අධික සංඛ්‍යාවක්ද කවි සංකල්ප 70කට අධික සංඛ්‍යාවක් ද ඔහු අතින් බිහි විය. 
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.