පරිගණකය crash වෙනවද?මෙන්න විසදුම්...


   තවත් නිල් පාට තිරයක්,බුට් වල ප්‍රශ්ණයක් නැත්නම් ස්ක්‍රින් ඒක හිරවෙලා.දැන්නම් ඔයාට පරිගණකය restart කරන්න වෙනව.ඒ කියන්නේ දැනට කර කර හිටපු වැඩ ඔක්කොම නතර කරන්න වෙනව කියන ඒක.වැඩකර කර ඉන්න කොට අතරමග නතර වෙන ඒක සහ ඒකට හේතුව හොයා ගන්න බැරි වුනාම ලොකු කේන්තියන් ඒනව නේද?
   මෙහෙම පරිගණකය අතර මගදි හිරවෙනවට නැත්නම් ඒර(error) මැසේජ් ඒන ඒකට කියන්නේ Crash වෙනව කියල.Crash වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වරද නිසාම නෙවෙයි.ඒයට බලපාන හේතු රාශියක් තියනව.මෙ ඒ අතරින් කිපයක්.
1.මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ.
   ගොඩක් Crash සිද්ධ වෙන්නේ මෙන්න මේ මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ මතුවිම නිසා.Blue Screen Of Death (BSOD) කියල හදුන්වන්නේ මේක තමයි.මෙය බොහො විට සිදුවන්නේ ප්‍රධාන මතකයේ තියන දත්ත කියවා ගන්න බැරි වුනාම.ඔයාට පුලුවන් Memtest86 වගේ යුටිලිට් ඒකක් භාවිතා කරල රැම් ටෙස්ට් ඒකක් කර ගන්න.

   සමහර අවස්ථාවල රැම් ඒකේ දොශයක්ද කියල බලා ගන්න පුලුවන් වෙනත් රැම් ඒකක් සවි කරල දොශය මතු වේ දැයි බැලිම මගිනුත්.
2.බයෝස්(BIOS) වල දෝශ


   ගොඩක් මවුපුවරු වල BIOS වැඩසටහන් කර්මාන්ත ශාලාවේදිම ඇතුලත් කරල ඒවනව.අපි ඒවා අපිට අවශ්‍යය පරිදි වෙනස් කරගන්නව.මේ වෙනස් විම් CMOS බැටරිය ඉවත් කිරිම මගින් නැති වෙන්න පුලුවන්.ඒවිට BIOS ඒක වෙනස් වෙලා පරිගණකය බූට් කරගන්න බැරි වෙන්න පුලුවන්.එවැනි අවස්ථා වලදිත් දොශ පණිවුඩ ඒන්න පුලුවන්.
3.Corrupt Registry
   සාමාන්‍යයයෙන් මෙය දොශ සහිත නැහැ.නමුත් යම් යම් issues තියෙන්න පුලුවන්.Corrupt Registry නිසා පරිගණකය නියමිත පරිදි බූට් නොවි crash වෙන්න පුලුවන්.හොද registry fix software මගින් ඒවැනි ප්‍රශ්ණ විසදා ගන්න පුලුවන්.
4.ඩ්‍රයිවර්ස් වල දොශ(Incorrect Or Corrupt Drivers).

   Drivers තමයි කියන්නේ ද්ඩාංග වලට මොකක්ද කරන්න ඔන කියල.ඒවා නිසි පරිදි ක්‍රියා කරන්නේ නැත්නම් ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.

මෙවැනි crashes බොහොවිට පෙන්වන්නේ Massages සමග.ඒවායේ කෙලින්ම දොශ සහිත කුමන උපාංගයද කියල පෙන්වා දෙනව.ඒහෙම නැත්නම් ඒ මැසේජ් ඒක ගුගල් කරල උදවු ගන්න පුලුවන්.
5.හාඩ් ඩ්‍රයිව් ඒකේ දොශ.
   හාඩ් ඒක ඇන හිටිම බොහො බූට් ප්‍රශ්ණ වලට  හේතුවක්.ඔබේ පරිගණකයට බූට් ඩ්‍රයිවිස් සොයා ගැනිමට නොහැකි නම්,නමුත් BIOS නියමිත ලෙස ක්‍රියා කරනව නම් ඒ දොශයට වැරදි කරු බොහොවිට දෘඩ තැටිය.free hard drive test  ඒකක් මගින් ඒහි දොශ හදුනා ගන්න පුලුවන්.
6.දෘඩාංග නොගැලපිම්.
   ඒකිනෙකට නොගැලපෙන තොරතුරු පරිගණක දෘඩාංග වලින් දිගින් දිගටම ලැබිමේදි පරිගණකය ස්ටක් විම් හෝ crash ඇති වෙන්න පුලුවන්.ඒවා සැම විටම හානිකර නැහැ.
   ඔබට නොගැලපෙන දෘඩාංග Device Manager ඒක ඔපන් කර ගැනිමෙන් බලාගන්න පුලුවන්.ඒහි කහ පාට සහ කලු පාට exclamation icon ඒකකින් පෙන්වනව.
7.Virus Or Trojan
   වයිරස හෝ ට්‍රොජන් මගින් පරිගණකයට දැඩි ලෙස හානි වෙන්න පුලුවන්.ඒවා ඩ්‍රයිවර්ස් ඉවත් කිරිම,ෆයිල්ස් මකා දැමිම,සෙටින්ස් වෙනස් කිරිම ආදිය කරන්න පුලුවන්.හොදම දේ තමයි පරිගණක ප්‍රති වෛරස වැඩසටහනක් මගින් පරිගණකය ආරක්ශා කර ගැනිම.
8.විදුලිබල සැපයුම් දොශ.
සමහර අවස්ථා වල ඇතිවන නිරන්තරයෙන් පවතින crashes වන්නේ විදුලිබල සැපයුම් දොශ නිසා වන්නට පුලුවන්.මේයට බොහො විට බල පාන්නේ විදුලි සැපයුම් ඒකකය(power supply),සහ නිවසේ බල සැපයුමේ වෙනස් කම් වෙන්න පුලුවන්.power supply ඒකේ දොශයක් නම් ඒය ඉක්මනින් මාරු කල යුතුමයි.
9.මෘදුකාංග
බොහො මෘදුකාංග දොශ දැන් ඇති නොවුවත් සමහර අවස්තාවල ඇති වෙන්න පුලුවන්.
10.අධික ලෙස රත් වීම.
පරිගණක උපාංග රත්විම් වලට සංවේදියි.වැඩිපුර රත් විම නිසා උපකරණ වලට හානිවෙන්න පුලුවන්.ඒ නිසා උපාංග අධික ලෙස රත් විමේදි ඒවා නතර වි දොශ ඒන්න පුලුවන්.


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.