මේ කාලේ Cloud වල දත්ත ගබඩා කරන වෙබ් අඩවි අතර තියෙන්නේ විශාල තරගයක්,ඒ වගේම ඒක හොද ව්‍යාපාරයක් බවටත් පත් වෙලා.DropBox , Google වගේම Cloud සේවා ලබා දෙන අඩවියක් තමයි MediaFire කියන්නේ.ඒයත් Google Drive වැනි දැවැන්ත ආයතන සමග කරට කර තරගයක් ලබා දෙන්න MediaFire ත් අලුත්ම මුහුණු වරකින් ඇවිත් තියනව.ඒ අතර නවතම interface ඒකක් සහ අලුත් අංග රාශියක් අන්තර්ගතයි.
අලුත්ම පෙනුම ගොඩක් පාරිභෝගිකයින්ට වෙනස්ම අත්දැකිමක් ලබා දේවි.අනෙක් Cloud සේවා වගේ නෙවෙයි MediaFire අපට ලබා දෙනව 50GB ද්ත්ත ගබඩා කිරිමේ ඉඩක් ලබා දෙනව.ඒය අතිවිශාල වාසියක්.මේ වගේ විශාල ඉඩක් ලබා දෙන නිසා ඔබට ඔබේ ගිණුමේ ඉඩ වැඩි කර ගැනිමේ අවශ්‍යය තාවක් මතු වෙන් නැහැ.
නවතම Interface ඒක පාරිභෝගිකයාට තමන්ගේ ෆයිල් මැනේජ් කරගන්න ලබා දි තිබෙන හෝම් ස්ක්‍රින් ඒක පහසු කර තිබෙනව.ඒමගින් පහසුවෙන් තමන්ගේ දෛනික වැඩ කර ගන්න පුලුවන්.යාවත්කලින කල ලක්ශණ අතර සුමටව ඉමේජ් මැනේජ් කරගන්න හැකි පහසුකම සහිතයි.ඒය මගින් ඔබට ඉමේජ ඉක්මනින් නැරබිමට සහ බෙදාහදා ගැනිමට පුලුවන්.
අලුතෙන් කල වෙනස් කම් අතර Document editor ඒකේ වර්ධනය වැදගත් කර සලකන්න පුලුවන්.ඒමගින් ඔබට කෙලින්ම Word,Excel,Powerpoint වගේ ඩොකියුමන්ට් සමග කෙලින්ම බ්‍රවුසරය තුලදිම වැඩ කරන්න පුලුවන්.මිට කලින් ගුගල් ඩ්‍රයිව් මේ පහසුකම ලබා දි තියනව,ඒ පැත්තත් MediaFire මගින් කවර් කරල තියනව.
මේ සියලුම වැඩ පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒකේ ඉදලම කරගන්න පුලුවන් ඇප්ලිකේශන් වින්ඩොස්,OSX,ලිනක්ස් සදහා MediaFire ලබා දිලා තියනව.ඒ වගේම Android සහ iOS ඇප්ස් ලබා ගන්න පුලුවන්,ඒවා මගින් ඔනැම තැනක සිට පහසුවෙන් ක්ලවුඩ් ඒක සමග සම්බන්ද වෙලා දත්ත හුවමාරු කරගන්න පුලුවන්.
50GB සමග අලුත් වු MediaFire Cloud සේවාව..
-
by The reader's place 8:14 AM
-
Tags: Featured

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.