වින්ඩොස් 8 වල වැඩකරන IE10 වින්ඩොස් 7 වලටත්..
-
by The reader's place 8:12 AM
මයික්‍රොසොෆ්ට් සමගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය සමග ඉදිරිපත් කල Internet Explorer හි 10 වන සංස්කරණය වින්ඩොස් 7 භාවිතා කරන්නන්ටත් භාවිතා කල හැකි ලෙස සැකසු සංස්කරණය ඉදිරිපත් කර තිබෙනව.මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරිපත් කල වින්ඩොස් 7 තවමත් ලොවපුරා මිලියන 700 වඩා භාවිත කරනව.නමුත් ඔව්න්ගෙන් 30% පමණයි ඔව්න්ගේ වෙබ් බ්‍රවුසරය ලෙස ඉන්ටර්නෙට් Explorer භාවිතා කරන්නේ.
මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි නව IE10 මිට පෙර ඉදිරිපත් කල IE9 වඩා 20% වෙගවත්,ඒය කුඩා වෙනසක් නෙවෙයි.ඒමෙන්ම ඔවුන්ගේ අධ්‍යනයකට අනුව වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල වෙගයෙන්ම ක්‍රියාකරන වෙබ් බ්‍රවුසරය IE10.මයික්‍රොසොෆ්ට් සමාගම ෆයර්ෆොක්ස් 15 සමග සසදන විට වෙගය අතින් දෙවන තැන ඉන්නේ IE9 බවට සාක්ශි සහිත්ව ඔප්පු කර තිබෙනව.
වින්ඩොස් 8 භාවිතා වන IE10 වගේම,වින්ඩොස් 7 වලට ඉදිරිපත් කල සංස්කරණයත් මුලික අවධානය යොමුකර තිබෙන්නේ HTML5 වෙතයි.ඒය හොද ප්‍රවනතාවක්,මොකද HTML5 වෙබ් අවකශය අත්පත් කරගනිමින් ඉන්න නිසා,ඉන් ප්‍රයොජන ගත හැකි ලෙස මෘදුකාංග සංවර්ධකයින්ට අවශ්‍යය මෙවලමුත් ඒ සමගම ඉදිරිපත් කර තියනව.
වින්ඩොස් 7 වලට ඒන වෙබ් බ්‍රවුසරය සමග DNT නම් උපලක්ෂණයක් ඒනව ඒමගින් ඔබේ පෞද්ගලිකත්වයට මුල්තැන දි තිබෙනව.ඔබට අනවශ්‍යයනම් ඒය ඉවත් කර ගන්නත් පුලුවන්.
ඔබ IE10 භාවිතා කරන්න යනවනම් මේ ලිපිය කියවල ඉන්න.ඒය අලුත්ම බ්‍රවුසරය භාවිතයට පහසුවක් වෙයි.ඔබට කෙලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.