මෙටා සෙවුම් යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය.(What is a meta search Engine?)

  සර්ච් ඒංජින් ඒකක් කියන්නේ අන්තර්ජාලයේ අත්‍යවශ්යම අංගයක්.ඔයාට හිතන්න පුලුවන්ද "ගුගල්" නැති අන්තර්ජාලයක් ගැන.ගුගල් සමාගම සපයන සේවා නැති අන්තර්ජාලයක් ගැන මටනම් හිතා ගන්නවත් බැහැ.හිතන්න සර්ච් ඒන්ජින් අපට සපයන සේවාව ඒතරම් විශේෂයි.අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන ගාණක් තියනව,ඒ වගේම ඒවායේ අඩංගු තොරතුරු ප්‍රමාණයත් අති විශාලයි.සෙවුම් යන්ත්‍රයක් මගින් තමයි ඒවා සංවිධානය කරල සොයාගන්න පහසු විදියට ඉදිරිපත් කරන්නේ.ඒතකොට වෙනස් විදියේ සර්ච් ඒංජිනුත් තියනව."මෙටා" සෙවුම් යන්ත්‍ර කියන්නේ ඒ වගේ දෙයක්.
මොකක්ද මෙටා සෙවුම් යන්ත්‍රයක් කියන්නේ?
   මෙටා සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියල කියන්න ඉස්සෙල්ලා සෙවුම් යන්ත්‍රයක් වැඩ කරන්නේ කොහොමද කියල  කියන්නම්.සෙවුම් යන්ත්‍රයක් වෙබ් අඩවි බිලියන ගාණක් විසිට්(Visit) කරල දත්ත ගබඩාවක් නැත්නම් විවිධ වෙබ් අඩවි ගැන තොරතුරු සහිත කොශයක් හදා ගන්නව.මේකට කියන්නේ index ඒකක් කියල.ඉළගට කවුරුහරි සර්ච් ක්වෙරි(search query) ඒකක් දාපුවහම සෙවුම් යන්ත්‍රය ඔබේ සෙවුමට අදාල තොරතුරු දත්ත ගබඩාව සලකල බලා ඉදිරිපත් කරනව.හරිම සරලයි වගේ නේද.

  හරි දැන් Meta Search engine ගැන.මෙටා සෙවුම් යන්ත්‍රයකට කලින් කියපු සෙවුම් යන්ත්‍ර වගේ දත්ත ගබඩාවක් නැහැ.ඔවුන් භාවිතයට ගන්නේ අනෙක් අය හදපු දර්ශක ප්‍රයොජනයට ගන්න ඒක විතරයි.ඒක තමයි ඔවුන් සතුව තියන ශක්තිමත්කම.නියම ආකාරයේ Meta Search engine ඒකක් සෙවුම් යන්ත්‍ර ගණනාවකින්ම දත්ත ලබා ගැනිම කරනව.හිතන්න ගුගල් සහ බින්ග් කියල ඒ දෙකෙන්ම යම් සෙවුමකට අදාල තොරතුරු අරගෙන ඒවා ඔවුන්ගෙම ඇල්ගොරිතමයක් අදාරයෙන් ඉදිරිපත් කරනව.
ඇත්තටම මෙටා සෙවුම් යන්ත්‍ර හොදයිද?
  පැහැදිලිවම පෙනෙන ලෙසට මෙටා සෙවුම් යන්ත්‍ර ලබාදෙන ප්‍රතිඵල සෙවුම් යන්ත්‍ර කිපයකම ප්‍රතිඵල නිසා ඒක සෙවුම් යන්ත්‍රයක් මගින් ලැබෙන ප්‍රතිඵල වලට වඩා හොද වෙන්න වෙන්න ඔන නෙද?නමුත් සත්‍යය වෙනස්.මම ඒක මෙහෙම කියන්නම්.මතක තියා ගන්න කිසිම සෙවුම් යන්ත්‍රයකට බැහැ සම්පුර්ණ අන්තර්ජාලය පිරික්සල තොරතුරු ඉදිරිපත් කරන්න.අඩුම ගානේ ගුගල්ටවත් බැහැ.

  හිතන්න ඔබ Z කියන වෙබ් අඩවියේ අඩංගු යමක් හොයනව කියල ඒ ඔයාගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍රය භාවිතා කරල.ඔබට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන් නැහැ.ඒයම ඔබ මෙටා සෙවුම් යන්ත්‍රයක් භාවිතයෙන් සෙවුවොත් ප්‍රතිඵලයක් ලැබෙනව.ඒ අවස්ථාවෙදි නම් හොද මෙටා සර්ච් යන්ත්‍රය.නමුත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයය පළමු පාරෙන්ම  ඔබට ප්‍රතිඵලයක් ලබා දෙනවානම් මතක තබා ගන්න ඒය තමයි හොද.
මේ තියෙන්නේ ජනප්‍රිය metaසෙවුම් යන්ත්‍ර කිපයකට උදාහරණ කිපයක්.

:  

 
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.