Nokia Lumia 625

Nokia සමාගමෙහි නවතම Lumia නිෂ්පාදනයක් වන Nokia Lumia 625 ස්මාට්ෆෝනය වෙළෙඳ පොළට නිකුත් වුණේ පසුගිය වසරේ අගොස්තුවේදීය. වඩා වර්ණවත් උපාංග පෙළකින් නිකුත් වන මෙම ස්මාට්ෆෝනය දැනටමත් තා‍රුණ්‍යයේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. පෙනුමෙන් ඉතාමත්ම හුරුබුහුටි මෙම ස්මාට්ෆෝනය සාමාන්‍ය ස්මාට්ෆෝන්වලට වඩා පහසු මිලකට මිලදීගැනීමේ හැකියාවද ඇත.
උසින් අඟල් 5.25 ක් පළලින්, අඟල් 2.85 ක් යන ඝනකමින් අඟල් 0.36 ක් වන මෙහි බර දැක්වෙන්නේ ග්‍රෑම් 159 ක් ලෙසිනි. අඟල් 4.7 ක IPS LCD Capacitive touch screen වර්ගයේ තිරයේ මල්ටිටච් පහසුකම ඇති අතර, ඊට Corning Gorilla Glass 2 වර්ගයේ ආරක්ෂක තිරයකින් ආරක්ෂාව සපයා තිබේ.
ගිගාබයිට් 64 ක් දක්වා මතකය Micro SD මතක විප හරහා මෙහි අන්තර්ගත කළ හැකි අතර, අභ්‍යන්තරිකව ගිගාබයිට් 08 ක මතක ධාරිතාවක් සහ මෙගාබයිට් 512 ක රැම් මතකයක් මෙහි අන්තර්ගතය. මෙම ස්මාට්ෆෝනයට GPRS, EDGE, WIFI, Bluetooth V 4.0  micro USB V 2.0 වැනි දත්ත හුවමා‍රු තාක්ෂණ ක්‍රමවේදයන්ද අන්තර්ගත කර ඇත. Dual core 1.2 GHZ ප්‍රොසෙසරයකින් ජවය ලැබෙන මෙහි Li-ion 200MAH වර්ගයේ බැටරියක් අන්තර්ගතය.   
මෙගා පික්සල් 5.0 ක ප්‍රධාන කැමරාවක්, auto focus සහ LED Flash පහසුකම් සමගින් මෙහි ස්ථාපිතව ඇත. එසේම ඊට අමතර විශේෂාංග ලෙස Geo-tagging සහ touch focus පහසුකම් ඇතුළත්ය. 1080P ගුණාත්මක භාවයෙන් තත්පරයට රාමු 30 ක් වීඩියෝ කිරීමේ හැකියාවද මීට ඇත. ඉදිරිපස VGA කැමරාවක්ද ඇත.
Microsoft windows phone 8 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන සැලකිය යුතු විශේෂාංග රාශියක් සහිත Nokia Lumia 625, ගෙවන මිලට වටිනා ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් ලෙස බොහෝදෙනා හඳුන්වන්නට පෙළඹී සිටිති.
- See more at: http://ada.lk
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.