Pushbullet


ඔබ පරිගණකයේ වැඩ කටයුතුවල නිරත වී සිටින විටක, ඔබගේ ස්මාට්ෆෝනයෙන් දැනුම්දෙන වැදගත් පණිවුඩ (Notifications) මගහැරී ගොස් තිබෙනවාද? එවැනි විටක Pushbullet යනු සැබවින්ම ඔබගේ සහයට පැමිණෙන්නෙකි. Pushbullet යනු ප්‍රධාන වශයෙන්ම ඔබගේ පරිගණකයත්, ස්මාට්ෆෝනයත් එකට සම්බන්ධ කරනා සහායකයෙකුද වේ.

එසේම Pushbullet මගින් ඔබගේ ස්මාට්ෆෝනය හෝ ටැබ්ලට් උපාංගය තවත් ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් හා සම්බන්ධ කරවීමද අපහසු කටයුත්තක් නොවේ. මෙසේ ඔබගේ ස්මාට්ෆෝනය හා පරිගණකයත්, එසේත් නැතිනම් ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය තවත් උපාංගත් සමගත් Pushbullet හරහා සම්බන්ධ කිරීමේ ඇති විශේෂ වැදගත්කම වන්නේ, ඔබට ඇවැසි ඕනෑම මොහොතක ඕනෑම ගොනුවක් හුවමා‍රු කරගැනීමටද Pushbullet හරහා පහසුකම් සැලසීමයි. එ
ඔබ පරිගණකයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටින විටක ලැබෙන සබැඳියක් (link) පහසුවෙන්ම Pushbullet හරහා ස්මාට්ෆෝනයට යැවිය හැකිය. එය ස්මාට්ෆෝනයේ notification area හි පෙන්වනු ඇත. එසේම ඔබ පරිගණකයක් හරහා යම් ලිපිනයක් ස්මාට්ෆෝනයට ලබාදුන් විට එය ක්ෂණයකින් ස්මාට්ෆෝනයේ ඇති Google maps යෙදුම හරහා විවෘත කරගනු ඇත.
goo.gl/ix6cr  
-Ada
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.